දුටුගැමුණු රජතුමා
 



 

කාවන්තිස්‌ස රජතුමා ගේ හා විහාර මහා දේවිය ගේ පුත් කුමරුවෙකි දුටුගැමුණු රජු. ලංකා රාජාවලියේ මෙ තුමාට හිමිවනුයේ උසස්‌ ස්‌ථානයෙකි. කුඩා කළ සිට ම මවු බිමේ එක්‌සත් භාවය පිළිබඳ හැඟීම් තිව්රු කරගත් නමුත් මෙයට පිය රජුගෙන් අවසරයක්‌ නොලද බැවින් වන වැඳ සේනා සංවිධානය කොට, එකළ උතුරු ප්‍රදේශය පාලනය කළ එළාර රජු හා සටන් වැද ලක්‌ දිව එක්‌ සේසත් කළේ ය.

අනුරාධපුරය රාජධානිය කොට රජ වූ දුටුගැමුණු රජු සම්බුද්ධ ශාසනය වෙනුයෙන් කළ මෙහෙය අපමණ ය. මිරිසවැටිය රන්මැලිසෑය - ලෝවාමහාපාය මෙම රජතුමා ගේ සද්කාර්යන් කිහිපයකි. එළාර සටනින් අනතුරුව ශාසන ලැදි දැහැමි දිවියක්‌ ගත කළ මෙතුමා භික්‌ෂූන් වහන්සේ සඳහාත් රට වැසියන් සඳහාත් මෙහෙවරෙහි යෙදෙමින් මතු පරපුරට ආදර්ශමත් අයුර දැක්‌වූ වීරෝධාර යුග පුරුෂයෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017