සුලබ ම කාබනික සංයෝගය කාබොහයිඩ්රේට ලෙස සැලකිය හැකිය.
හරිත ශාක සිදුකරන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මඟින් මෙය නිපදවේ.
ආහාරයට ගන්නා අල, බතල, ධාන්‍ය, සීනි, පිටි ආදියෙහි කාබොහයිඩ්රේට අඩංගුය.
කාබොහයිඩ්රේට වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය නම් කාබන් (C), හයිඩ්‍රජන් (H) හා ඔක්සිජන් (O) ය.
මෙහි හයිඩ්‍රජන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජන වන්නේ 2:1 අනුපාතයෙනි.