වායුගෝලයට විවිධ සංඝටක එකතු වීමෙන් එහි ප්රශස්ත සංයුතිය වෙනස් වෙයි. එහි බලපෑම් වත්මන් ලෝකයේ පාරිසරික අර්බුද වලට හේතු වී ඇත.
Global warming වායුගෝලයේ අන්තර්ගත සමහර වායූන්ගේ සංයුතිය ඉහළ යාමත් සමඟ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යන බව විද්‍යාඥයන්ගේ මතය යි. වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සංයුතිය ඉහළ යෑමත් සමඟ ඊට අනුරූපව උෂ්ණත්වය ඉහළ යෑම ප්‍රස්ථාරයේ දැක්වේ.
ශීත රටවල ශාක ක්‍රියාකාරිත්වයට යෝග්‍ය උෂ්ණත්වයක් ඇති කිරීමට වීදුරු වලින් තැනූ හරිතාගාර නම් ගෘහයන් තුළ සමහර ශාක වගා කෙරේ. මෙවැනි හරිතාගාර වලට තාපය රැගෙන ඇතුළු වන අධෝරක්ත (IR) කිරණ වැනි දිගු තරංග ආයාම සහිත සූර්ය කිරණ වැඩි කොටසක් හරිතාගාරය තුළ රඳවා ගැනීමට එහි වීදුරු බිත්ති හේතු වෙයි. මෙම හරිතාගාර ආවරණ (Greenhouse effect) යනුවෙන් හැඳින්වේ.
සූර්ය තාපයෙන් ලැබෙන අධෝරක්ත කිරණවලින් විශාල කොටසක් පරාවර්තනය වී යළිත් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවත් වේ. නමුත් වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යෑමත් සමඟ පෘථිවියෙන් IR කිරණ ඉවත් වන ප්‍රමාණය අඩුවේ.
එසේ වන්නේ එම වායු අණු IR කිරණ අවශෝෂණය කර ගැනීමෙනි. එමඟින් පෘථිවි ගෝලය උණසුම් වේ. එසේ උණුසුම් වීමෙන්,
٠ පෘථිවියේ ධ්‍රැවවල පිහිටි අයිස් තට්ටු (ග්ලැසියර්) දියවීම.
٠ ඒ හේතුවෙන් සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් කුඩා දූපත් යටවීම.
٠ ලෝකයේ දේශගුණික හා වර්ෂාපතන රටා වෙනස් වීම. සිදුවේ.