හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන
  කාබන් හා හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය පමණක් විවිධ අනුපාත වලින් සංයෝජනය වී නිර්මාණය වූ සංයෝග හයිඩ්‍රොකාබන නම් වේ. ඛනිජ තෙල් භාගික ආසවනයෙන් වෙන් කර ගැනෙන ද්‍රවීකරණය කළ පෙට්‍රෝලියම් වායුව, පෙට්‍රල්, ඩීසල් ආදිය හයිඩ්‍රොකාබන සඳහා නිදසුන් ය.

මේවා ඉන්දන ලෙසත්, කාබනික ද්‍රාවක, ස්නේහක ආදිය ලෙසත් භාවිතා කිරීමේ දී සෘජුවම පරිසරයට එකතු වේ. මළ ශාක, සත්ත්ව කොටස් හා කාබනික අපද්‍රව්‍ය මත නිර්වායු බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් මීතේන් CH4 නමැති සරල ම හයිඩ්‍රොකාබනය විශාල වශයෙන් නිපදවේ.

හයිඩ්‍රොකාබනවල අඩංගු පරමාණු ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින් ආදී හැලජන් පරමාණු මඟින් ප්‍රතිස්ථාපනය වීමෙන් ලැබෙන සංයෝග හැලජනීකෘත හයිඩ්‍රොකාබන ගණයට අයත් ය. ක්ලෝරෆෝම් CHCI3, කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCI4 නිදසුන් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017