මුටසීව රජුගේ පුත් දේවානම් පියතිස්ස රජතුමා ලක් ඉතිහාසයේ සවර්ණමය යුග පුරුෂයෙකි. අනුරාධපුරය රාජධානිය කොට රජකම් කළ මෙතුමා රාජාභිෂේක ලද්දේ ක්‍රි.පූ. 307 දී ය. මෙ කළ භාරත දේශයේ රජ කළ ධර්මාශෝක රජු හා මිත්‍ර ව මෙරට පාලනය කල මොහුගේ කාලය ඉතා වැදගත් වන්නේ, මෙ රටට බුදු දහම ලැබීමයි.
මිහිදු මා හිමි වැඩම කිරීමෙන් පසුව බුදු දහම පිළිගත් මෙ තුමා ගේ අනුග්‍රහයෙන් රටේ විශාල පිරිසක් පැවිදි වූහ. එලෙස පැවිදි වූ භික්ෂූන් ට මිහින්තලාව හා වෙස්සගිරිය තැන්හි ලෙන් විහාර කරවා දීමෙන් ද, ශ්‍රී මහා බෝධි අංකුරයක් රැගෙන පැමිණි සංගමිත්තා තෙරණිය පිළිගෙන එම අංකුරය අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කරීමෙන් ද, බුදු දහම මෙහි ස්ථාපිත කරනු ලැබීමෙන් ලංකාවේ සංස්කෘතිය නවමු මඟකට යොමු කරන්නට වූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකි.