භූමිකම්පාවක ස්වභාවය
පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් භූමිකම්පාවක් ඇතිවෙයි. භූමිකම්පාවක් යනු පෘථීවිය මතුපිට ඇති චලනයක් නැතහොත් පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තරවල සෙලවීමකි.
පාථිවි අභ්‍යන්තරය සකස්වී ඇත්තේ ස්තර කීපයකිනි. පෘථිවිය මතුපිට කලාපය, පාථිවි කබොල හෙවත් ශිලා ගෝලය ලෙස හඳුන්වයි. මෙම කලාපය එකිනෙක යා කළ හැකි පාෂාණ තැටි හෙවත් භූ තැටි වලින් නිර්මාණය වී ඇත. මෙහි ඇතිළතින් පිහිටා ඇත්තේ ප්‍රාවරණය නැමති කලාපයයි. මෙම ප්‍රාවරණ කලාපය මතුපිට අති විශාල ලවණ ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. මෙම කලාපය මත ඊට ඉහලින් ඇති පෘථිවි කබොලේ පාෂාණ තැටි පාවෙමින් පවති. සාමාන්‍යයෙන් වර්ෂයකට සෙන්ටිමීටර් කීපයක් මෙම පාෂාණ තැටි විවිධාකාර දිශාවලට පාවෙමින් පවති. මෙලෙස පාවෙමින් පවතින පාෂාණ තැටි දෙකක් එකිනෙක ගැටීමේදී ඇතිවන ශක්තිය භූමිකම්පාවක් ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් පාෂාණ තැටි මායිම්වලදී නිතර ගැටීම් ඇතිවන හෙයින් තැටි මායිම් ආශ්‍රිතව ප්‍රබල භූමිකම්පා සිදුවෙයි.
භූමිකම්පාවකදි තැටි ගැටීම සිදුවන්නේ මතුපිට සිට කිලෝමීටර් 15-20 පමණ අභ්‍යන්තරයේ ය. නමුත් සමහර ප්‍රදේශවල කිලෝමිටර් 100-200 පමණ අභ්‍යන්තරයේදී ද තැටි ගැටීම සිදුවෙයි. මෙම තැටි ගැටීම සිදුවන ස්ථානය නාභිය හෙවත් කේන්ද්‍රය(Focus)ලෙස හඳුන්වයි. කේන්ද්‍රයට ඉහලින් සිරස්ව භූ තලය මත ඇති ස්ථානය, කේන්ද්‍රය හෙවත් අපි නාභිය (Epicenter) ලෙස හඳුන්වයි.
භූමිකම්පාවකදී P,S,හා Lවශයෙන් තරංග වර්ග තුනක් නිර්මාණය වෙයි. මුලින්ම තැටි ගැටීමත් සමග කේන්ද්‍රයේ සිට P හෙවත් ප්‍රාථමික තරංග ආරම්භ වෙයි. මෙය වේගවත්ම භූමිකම්පා තරංගය යි. මෙහි වේගය තත්පරයට කිලෝමීටර් 8-9ක් පමණ වේ. මෙම තරංග ඕනෑම ඝන,ද්‍රව හෝ වායු ස්තරයක් ඔස්සේ ඉහළට ගමන් කිරීමේ හැකියාව තිබේ.
P තරංගය ආරම්භ වී ස්වල්ප වේලාවකින් කේන්ද්‍රයේ සිට S හෙවත් ද්විතියික තරංගය ආරම්භ වෙයි. මෙම තරංග ප්‍රාථමික තරංගවලට වඩා වේගයෙන් අඩුය. එනම් තත්පරයකට කිලෝමීටර් 4-5ක් පමණ වේගයකි. නමුත් මේවා ගමන් කළ හැක්කේ ඝන ස්තර ඔස්සේ පමණි. යම් හෙයකින් ද්‍රව හෝ වායු ස්තර ඔස්සේ ගමක් කළහොත් S තරංගයන් පරාවර්තනය වෙයි. මෙම ද්විතියික තරංග තදින් අදින ලද කඹයක් දෙපසට සොලවන ආකාරයකට පාෂාණ ස්තර අතරින් ගමන් කරයි.
මෙලෙස නිර්මාණය වූ P හා S යන තරංග දෙකම පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙයි. මෙම භූ කම්පන තරංග අපි නාබිය හා අවට ස්ථානවලින් භූ තලය මතට ලඟාවෙයි. පසුව එම තරංග අපි නාභිය වටා වෘත්තාකාරව කිලෝමීටර් ගණනාවක් දුරට ගමන් කරයි.
කිසියම් නිශ්චල ජලාශයකට ගලක් දැමූවිට එහි වෘත්තාකාර තරංග නිර්මාණය වන ආකාරයට දිගු තරංගයන් අපි නාභියේ සිට අවට ප්‍රදේශවලට ගමන් කරයි. මේ ආකාරයට භූ තලය මතට ළඟා වූ තරංග L හෙවත් දිගු තරංග ලෙස හඳුන්වයි. මේවා සාගර රළ ගමන් කරන ආකාරයට භූ තලය මත ගමන් කරයි. එවිට පෘථිවි තලය මත ඇති සියලු ගොඩනැඟිලි හා ව්‍යුහයන් දෙපසට සෙලවී විනාශ වී යයි. මෙහිදි විශේෂයෙන්ම දිගු තරංගවල බලපෑම අපි කේන්ද්‍රය ආශ්‍රිත කළාපයේ බහුලව සිදුවෙයි. එබැවින් එම කළාපයේ සිදුවන බලපෑම අතිමහත්ය.
පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් භූමිකම්පාවක් ඇතිවෙයි. භූමිකම්පාවක් යනු පෘථීවිය මතුපිට ඇති චලනයක් නැතහොත් පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තරවල සෙලවීමකි.