ආර්ථික ලක්ෂණ
 
වැඩවසම් සමාජයේ ආර්ථික ක්‍රමයේ පදනම ප්‍රවේණි ක්‍රමය යි. රජුගේ සිට පහළම ස්තරය දක්වා නිල ක්‍රමයකට ප්‍රවේණි ක්‍රමය ස්ථාපිත ව තිබුණේය. ඒ අනුව මෙහි ආර්ථික ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. 

* ස්වයංපෝෂිත ආර්ථික රටාව.
* ප්‍රවේණි ක්‍රමය.
* ඉඩම් වගාව, ශෂ්‍ය මාරුව හා කට්ටිමාරු ක්‍රමය යටතේ සිදුවීම.
* වෙළෙඳාම සුළු වශයෙන් භාණ්ඩ හුවමාරුව යටතේ සිදුවීම.
* වංශාධිපතිවරුන්ට නොමිලේ ප්‍රවේණි දාසයින් සේවය කිරීම.
* කර්මාන්ත සුළු වශයෙන් පැවතීම. 
(c) Shilpa Sayura Foundation 2006-2017