ක්‍රි.ව. 1161 දී පොළොන්නරුව රාජධානිය කොට රජකම් කළ මෙතුමා ගේ පියා වීරබාහු හෙවත් මානාහරණ ය. මව රත්නාවලී බිසව යි. කුඩා අවදියෙහි ම පියා මිය ගියෙන් බාප්පා කෙනෙකු ළඟ ඇති දැඩි වූ පරාක්‍රමබාහු ඉගෙනීමෙ හි පෑ දස්කම් නිසාවෙන් දෝ සියළු ශිල්ප ශාස්ත්‍රයන් ඉතා කෙටි කලෙකින් උගත්තේ ය.
ගව්වෙන් ගව්වට, විහාර සෑ මළු ඉඳිකොට ශාසනාභිවෘද්ධිය උදෙසා මෙන් ම වැව් අමුණු බඳවා සිය රට සහලින් සවයංපෝෂිත කළ මහා පරාක්‍රම බාහු රජතුමා සමාජ යහපත වෙනුවෙන් උයන් වතු ඇති කරමින් ද යුද්ධ අභ්‍යාස මධ්‍යස්ථාන බිහි කරවමින් පොළොන්නරු නුවර අලංකාර නගරයක් බවට පත් කළේ ය.