1. යකඩ, නිකල්, මැග්නීසියම්, වැනි ඛනිජ පසට මිශ්‍ර වීම නිසා සාරවත් පසක් නිර්මාණය වේ.
2. නිර්මාණය වන සාරවත් පස් තට්ටුවල වගා කිරීමෙන් කෘෂිනර්මාන්තය සංවර්ධනය වේ.
3. ගීසර හා උණුදිය උල්පත් ආශ්‍රිතව සංවාරක කර්මාන්තය දියුණුවීමෙන් ආර්ථික වාසි ලැබේ.
4. භූ තාප බලශක්තියෙන් ශීත රටවල හරිතාගාර පවත්වා ගැනීම.
5. ආග්නේය හා විපරීත ආදී විවිධ පාෂාණ නිර්මාණය වීම හේතුවෙන් මැණික්,දියමන්ති, තඹ,නිකල් නිධි බිහි වීම නිසා ඒවා අපනයනය කිරීමෙන් හා කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් ආර්ථික වාසි අත්කර ගත හැකි වීම.
6. යමහල් ආශ්‍රිත ඉහළ භූතාපය යොදාගනිමින් බලශක්ති නිපදවීම හරහා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම.
මේ අනූව අතීතයේ සිටම ස්වභාවික විපත් හි ලා ගිනිකදු ආශ්‍රිව ඇතිවන මානව හා භෞතික සම්පත් විනාශයන් දක්නට ඇතත් ගිනිකදු වලින් මානවයා ලබා ගන්නා වාසි ද ඒ අතර වන බව අමතක නොකළ යුතු ය.