යමහල් කලාපවල පෘථිවි අභ්‍යන්තරයේ දැඩි උණුසුම් පාෂාණ ස්තර අතරින් ජලය ඉහළට විදීමෙන් ගීසර හා උණුදිය උල්පත් නිර්මාණය වේ.මේවා බහුලව දැකිය හැකි රටවල් ලෙස නවසීලන්තය, අයිස්ලන්තය, ඇලස්කාව, සයිබීරියාව ආදී රටවල් දැක්විය හැක.
උදා:- ලොව විශාලතම ගීසරය-USA යෙලොස්ටෝන් ජාතික උද‍්‍යානයේ ඕල්ඩ් ෆේත් පුල් ගීසරයග (මිනිත්තු .66 ට වරක් 46 km ඉහළට ජලය විදී) ෆවුන්ටන් ගීසරය, නවසීලන්තය-රොටරුවා ගීසරය ,ගිසර ආශ්‍රිතව බලශක්ති නිෂ්පාදනය සිදු කෙරේ.
පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා පෘථිවි පෘෂ්ඨය මතුපිටට නොපැමිණ අභ්‍යන්තර පාෂාණ ස්තර ඔස්සේ ගලා යාමෙන් ආක්‍රාන්ත යමහල් නිර්මාණය වේ. පෘථිවි අභ්‍යන්තර පීඩනය අඩුවීම, ලාවා ගමන් කරන මාර්ගය ආශ්‍රිතව තද පාෂාණ තිබීම ද මීට හේතු වේ. කාලයත් සමඟ ම ජලය, ග්ලැසියර හා සුළඟ වැනි නග්නීකරණ බලවේග හේතුවෙන් මතුපිට පාෂාණ තට්ටු ඛාදනය වු පසු මෙවැනි ආක්‍රාන්ත යමහල් පෘථිවි තගය මත දර්ශනය වේ.
ඩයිකය
ආස්තරය
ලැකොලිතය හා සීඩර් ගස්
තලිසෙල / ලොපොලිත
බැනොලිතය