අක්‍රීය ගිනිකඳු
 

අක්‍රීය ගිනිකඳු වලට උදාහරණ ලෙස ඇ.එ. ජනපදයට අයත් හවායි දුපත්වල බොහොමයක් ගිනිකඳු හා පැරකුටින් ගිනිකඳු දැක්විය හැක. ගිනිකන්දක් සැබැවින්ම අක්‍රීය දැයි තීරණය කිරීම අපහසුය. අධියමහල් විවර වලට පිපිරීම් සඳහා ගතවන කාලය සමහර විට අවුරුදු මිලියන ගණනක් නිසා අවුරුදු දස දහස් ගණනක් නිසා පිපිරීමට ලක් නොවු මෙවැනි ගිනිකඳු අක්‍රීය ලෙස නොව උදාසීන ලෙස සැලකීම යෝග්‍ය වේ.


උදාහරණ ලෙස යෙලොස්ටොන් ජාතික වන උද්‍යානයේ පිහිටි යෙලොස්ටොන් ගිනිකන්ද අවුරුදු මිලියන 2 ක් පමණ පැරණි වන අතර, එය දරුණු පිපිරුමක් අවු 640,000 කාලය තුළ නොපෙන්වුවද, අවු 10,000 කට පමණ පෙර ජල තාපන පිපිරීම්ද අවු 70,000 පමණ පෙර ලාවා ගලායාමද වාර්තා විය. මෙම කරුණු නිසා විද්‍යාඥයෝ යෙලෝස්ටෝන් ගිනිකන්ද අක්‍රීය ලෙස නොසලකති. එය අවට නිරතුරුවම සිදුවන භූකම්පන හා ක්‍රියාකාරී භූ තාපන පද්ධති (යෙලෝසටෝන් ජාතික උද්‍යාන පුරාම පවතින භූ තාපන ක්‍රියාකාරිත්වය) සහ වේගවත්ව පොළොවෙන් ඉහළට එසවීම හේතුවෙන් විද්‍යාඥයෝ යොලෝසටෝන් සක්‍රීය ගිනිකන්දක් ලෙස සලකති.


යමහල්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධ භූරූප නිර්මාණය වේ. යමහල් හෙවත් ගිනිකඳුවල හිතකර බලපෑම් ද වන බව කිව යුතු ය.


(c) Shilpa Sayura Foundation 2006-2017