සක්‍රීය ගිනිකඳු
 

මැග්මා ගිනිකඳු වර්ගීකරණය සඳහා යොදාගන්නා ප්‍රකටම ක්‍රමය වන්නේ ඒවායේ පිපිරුම් සංඛ්‍යාව අනුව වර්ග කිරීමයි. නිරතුරුව පිපිරීමට ලක්වන ගිනිකඳු සක්‍රිය ලෙසත්, ඉතිහාසයේදි පිපිරීම් වලට ලක්වු නමුත් වර්තමානයේ නිහඬ ගිනිකඳු උදාසීන ලෙසත්, ඉතිහාසයේ පිපිරීම් වලට ලක් නොවු ගිනිකඳු අක්‍රිය ගිනිකඳු ලෙසත් නම් කෙරේ. නමුත් මේ ප්‍රසිද්ධ වර්ගිකරණය, විශේෂයෙන්ම අක්‍රීය තත්වය, විද්‍යාඥයින්ට ප්‍රමාණවත් නොවේ. ඔවුන් කරන්නේ ගිනි කන්දෙ නිර්මාණය, පිපිරුම් ක්‍රියාවලිය හා එයින් හටගන්නා හඬ අනුව ගිනිකඳු වර්ග කිරීමයි.


විද්‍යාඥයින්අතර සක්‍රිය ගිනි කන්දකට නිශ්චිත පැහැදිලි කිරීමක් පිළිබඳ ඒකමතික භාවයක් නැත. ගිනි කන්දක ආයු කාලය මාස කීපයක් සිට අවුරුදු මිලියන ගණනක් දක්වා විවිධාකාර වේ. එමනිසා එවැනි වර්ගීකරණයක් මිනිසාගේ ආයු කාලය, සමහර විට ශිෂ්ටාචාරයක පැවැත්මද සලකා බලන විට තේරුමක් රහිත වේ. උදාහරණයක් ලෙස‍ බොහෝ ගිනිකඳු පසුගිය අවුරුදු දහස් ගණනක් තුළ පිපිරුම් ඇති කළද වර්තමානයේ එවැනි ලක්ෂණ නොපෙන්වයි. එවැනි ගිනිකඳු ආයු කාලය අතින් සැලකූ විට ඒවා සක්‍රීය ගිනිකඳු ගණයට වැටේ. මනුෂ්‍ය ජීවිත කාලය හා සසඳන විට ඒවා අක්‍රීය හෝ උදාසීන ලෙස සැලකිය හැක. විද්‍යාඥයින්ට අනුව වර්තමානයේදී පිපිරීම් වලට ලක්වන හෝ අසාමාන්‍ය භූමිකම්පා සැලකියයුතු ලෙස දුම් පිටවිම් වැනි ක්‍රියාකාරි ලක්ෂණ පෙන්වයි නම් ගිනිකන්දක් සක්‍රීය ගණයට වැටේ. බොහෝ විද්‍යාඥයෝ ඈත අතීතයේ පිපිරීමට ලක්වු ගිනිකඳු සක්‍රීය ගණයේ ලා සලකති. මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ ලේඛනගත ඉතිහාස තොරතුරු ප්‍රමාණය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විමයි. මධ්‍යධරණී ප්‍රදේශයේ අවු 3000 ට ත් වඩා වැඩි ලේඛනගත ඉතිහාසයකට හිමිකම් කියන මුත් ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ පැසිෆික් කාලපය අවුරුදු 300 කුත්, හවායි දුපත් අවුරුදු 200 කටත් වැඩි ප්‍රමාණයකුත් තොරතුරු පවතී. ස්මිත්සෝනියන් ගෝලීය ගිනිකඳු වැඩසටහන අනුව සක්‍රීය ගිනිකන්දක් නම් එය පසුගිය අවුරුදු 10,000 කාලය තුළ පිපිරීම් වලට ලක්විය යුතුය.
(c) Shilpa Sayura Foundation 2006-2017