පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රාවරණ කලාපයේ සිට පැමිණෙන ලාවා කබොලේ ඇතිපාෂාණ තැටි මායිම්, විභේද ආදි දුර්වල ස්ථාන ඔස්සේ පැමිණ නිර්මාණය වූ කඳුගැට / කේතුරූපාකාර ලක්ෂණය නිශ්ක්‍රාන්ත යමහල් වේ. සාමාන්‍යයෙන් ගිනි කන්දක් මීටර් සිය ගණනක්උසට හා කිලෝමීටර් කිහිපයක විශ්කම්භයකින් යුක්ත වේ. මෙවැනි ගිනිකඳු ක්‍රියාත්මක වීමේදී මුලින්ම දුම් හා අළු ඉහළට විහිදෙයි. ඉන්පසු සුළු පිපිරීම් ඇති වේ. ඉන් පසු විශාල පිපිරීම් ඇති වී ලාවා විධාරණය වීමත් ඝනීභවනය වීමත් සිදු වේ.
ලාවාවලට අමතරව ගිනි කන්දකින් ජලය, කාබන්ඩයෝක්සයිඩ්, හයිට්‍රජන්, නයිට්‍රජන් වැනි වායු වර්ග ද පිට වේ. ඇතැම් යමහල්වල ලාවා විධාරණයේදී සිදුවන ප්‍රබල පිපිරීම් හේතුවෙන් විශාල මෙන්ම විවිධ ප්‍රමාණයේ ලාවා කොටස් ඉහළට විසි වේ. එනම් ලාවා කුට්ටි, රවුම් හැඩයේ ලාවා බෝම්බ, ලැපිලි හෙවත් ලාවා පටි, සියුම් ධාන්‍ය වැනි කොටස් ද ඒවා අතර වේ. නිශ්ක්‍රාන්ත යමහල් විවිධාකාර වූ හැඩයන්ගෙන් යුක්ත වේ. (සිරස් හා තිරස් ස්වභාවයේ හා විශාල මුඛ සහිත). යමහලක හැඩය තීරණය කිරීම කෙරේ බලපාන ප්‍රධාන සාධක 02 කි. එනම්,
01. ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍යවල ස්වභාවය
02. ලාවා විධාරණයේදී පිපිරීමක් සිදුවේද,නොවේ ද යන්න
ලාවාවල අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ ගත් විට ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල සිලිකා ප්‍රමාණය ඉතා ඉහළය. එවැනි ලාවා උකු බවින් වැඩි ය. ඒවා ආම්ලික බවින් වැඩි ලාවා වේ. ඒවායේ තිරස් විහිදීම අඩු අතර සිරස් විහිදීම වැඩි ය. ඇතැම් යමහල්වලින් පිටවන ලාවාවල යකඩ ප්‍රමාණය ඉහළ ය. ඒවා භාෂ්මික ලාවා වන අතර ම ඒවායෙහි තිරස් විහිදීමක් ඇති අතර සිරස් විහිදීම අඩු ය.
එමෙන්ම යමහලක් සක්‍රීය වීමේදී ප්‍රබල පිපිරීමක් සිදුවීමෙන් පළල් යමහල් මුඛ නිර්මාණය වේ.
උදා:- ඉන්දුනීසියාවේ ක්‍රෙකටෝවා යමහල් පිපිරීම-1883 (මෙම පිපිරීමෙන්යමහලෙන් 2/3 ක ප්‍රමාණයක් විනාශ විය. නමුත් ප්‍රබල පිපිරීමක් සිදු නොවන යමහල් ආශ්‍රිතව ඇත්තේ කුඩා යමහල් මුඛ ය.
නිශ්ක්‍රාන්ත යමහල් වර්ග.
යමහල් අළු කේතුව
මෙය සිරස් වර්ධනයක් සහිත ගිනි කන්දකි. ලාවා හා අළු ස්තර කීපයකින් නිර්මාණය වී ඇත. සිලිකා ප්‍රමාණය ඉහළ බැවින් ලාවාවල උකුස්වභාවයක් ඇත.
උදා:- මෙක්සිකෝවේ පැරකුටීන්, ඉතාලියේ විසුවියස්,පිලිපීනයේ පිහාටු බෝ යන යමහල්.
භාශ්මික ලාවා පලිහ (පලිස් යමහල්)
මෙය තිරස් වර්ධනයක් පෙන්නුම් කරයි. විශාල ප්‍රදේශයක පැතිර යයි.යකඩ ප්‍රතිශතය ඉහළ බැවින් ලාවාවල ද්‍රව ස්වභාවයක් ගනී. බහුල වශයෙන් පැසිපික් සාගරය ආශ්‍රිතව දැකිය හැක.