යමහල්
 

අප ජීවත් වන පෘථිවි අභ්‍යන්තරය ඒකාකාරී ස්වරූපයක් නොදරයි. එහි අභ්‍යන්තරය අතිශය සක්‍රීය වේ. පෘථිවි අභ්‍යන්තරයේ සිට පැමිණෙන ලාවා ඝනීභවනය වීමෙන් යමහල් නිර්මාණය වේ. සක්‍රීය වු පෘථිවි අභ්‍යන්තර‍යේ බලපෑම යමහල් ක්‍රියානාරීත්වය කෙරේ ඍජුවම බලපෑම් කරයි. පෘථිවිය ස්ථර කීපයකින් නිර්ම්තය. පෘථිවි කබොල / ශිලා ගෝලය, ප්‍රාවරණය (ඉහළ හා පහළ), පෘථිවි හරය (ඇතුලත,පිටත), ලෙස ඒවා නම් කල හැක. පෘථිවි ප්‍රාවරණ කලාපයේ ඇති අධික තාපය හේතුවෙන් මූලද්‍රව්‍ය බවට පත්වේ. එනම් ලාවා / මැග්මා සකස් වේ. මෙසේ අධික පීඩනයකින් ඇති ද්‍රව ලාවා හෙවත් මැග්මා පෘථිවි තලයේ දූර්වල ස්ථාන වන තැටි මායිම්, විභේද ඔස්සේ ඉභළට පැමිණ තැම්පත් වේ. ඇතැම් අවස්ථාවලදී පෘථිවි අභ්‍යන්තරයේ ඇති ස්තර අතරද ලාවා ගලා ගොස් තැන්පත් වී ඝනීභවනය වේ.


ලාවා ඝනීභවනය වන තලාප අනූව යමහල් කොටස් දෙකකි.

01. නිශ්ක්‍රාන්ත යමහල්

02. ආක්‍රාන්ත යමහල්


(c) Shilpa Sayura Foundation 2006-2017