රත්මලානේ ධම්මාලෝක මා හිමියන් ගේ දක්‌ෂ සිසුවකු වූ මෙම හිමිපාණෝ සිය ගුරුදේවයන් ගේ ඇවෑමෙන් පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් හි පරිවේණාධිපති තනතුරෙ හි සිට ලංකාවේ ඉහළම පිරිවෙන විද්‍යාලංකාර පිරිවන බවට පත් කිරීමට ගත් දැඩි උත්සහය සඵල වීය.
ධර්ම දේශණාව ට මෙන්ම ලේඛණයට ද එකසේ දක්‍ෂ වූ මුන් වහන්සේ ධර්ම ප්‍රදීපකාව, ජානකී හරණ, මනෝරථපුරණි ඈ අටුවා වලට හා සිඳත් සඟරාව වැනි සාහිත්‍ය කෘති සංස්‌කරණය කළහ.
1852 වර්ෂයේ කෝට්‌ටේ කල පලුවාව ගමෙහි උත්පත්තිය ලද මෙම ස්‌වාමින් වහන්සේ 1883 වසර හලාවත පෙදෙසේ සංඝනායක පදවිය ද, 1894 වසර දී කොළඹ ප්‍රදේශයේ සංඝනායක පදවිය ද හොබවමින් 1918 වර්ෂයේ මැයි මස 03 වෙනි දින අපවත් වී වඳාළ හ.