පණ්ඩුකාභය රජු මෙරට සිදුකල ආගමික සේවාව ඓතිහාසික වැදගත් කමක් ගෙන ඒමට සමත් වෙයි. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ මෙරට ජනතාව අතර ප්‍රකටව පැවති ආගම් රැසක් පිළිබඳව වංශකතාවල සඳහන් වේ. එම සෑම ආගමක් සඳහාම පණ්ඩුකාභය රජතුමාගේ පුර්ණ අනුග්‍රහය ලැබුණ බව පෙන්වා දිය හැකිය.
උදා:-
٠ යක්ෂ වන්දනාව :- වෙසමුණි දේවාලය ඉදිකිරීම.
٠ වෘක්ෂ වන්දනාව :- නා ගස හා තල් ගස පූජනීය වස්තුවක් ලෙස නම් කිරීම.
٠ ලිංග වන්දනය :- සිවිකා ශාලාව නමින් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම.
٠ බ්‍රාහ්මණ ආගම :- සොත්ථි ශාලා ඉදිකිරීම.
٠ තාරකා වන්දනය :- අනුර නැකතට අනුව අනුරාධපුරය ඉදිකිරීම.
මෙලෙස මෙරටට පැමිණි සෑම ආගමකටම පණ්ඩුකාභය රජතුමාගේ කාරුණික දායකත්වය නොඅඩුව ලැබී ඇති අතර ඒතුමාගේ ආගම කුමක්ද? සඳහන් නොවේ. ජනතාව අතර පැවති විවිධ ආගමික සංකල්පයන්ට කර ඇති අනුග්‍රහය විමසීමේ දී ඒතුමාගේ ආගමික ප්‍රතිපත්තිය එම කාලයට පමණක් නොව සෑම කාලයකදීම ඒක සේ අනුගමනය කළ හැකි සර්ව කාලීන ප්‍රතිපත්තියක් ලෙසට පෙන්වා දිය හැකිය. මෙලෙස පුර්වෝක්ත කරුණු සලකා බැලීමේදී පණ්ඩුකාභය රාජ්‍ය සමය මෙරට ඉතිහාසයේ ඓතිහාසික කාලපරිච්චේදයක් වේ.
