ගොඩනැගිලි ඉඳිකිරීම් කර්මාන්තය
 අතීත ගොඩනැගිලි ඉඳිකිරීම්වල නටඹුන් ගවේශණයේ දී සාමාන්‍ය නිවාසවල බිත්ති මැටි වලින් ද, ප්‍රභූ නිවාස, රජමාලිගා, ආගමික සිද්ධස්ථාන පිළිස්සූ ගඩොලින් ද තනා ඇත. වර්තමානයේ මැටි ගඩොල්වලට ආදේශකයක් ලෙස සිමෙන්ති ගල් යොදා ගනී. බදාම සඳහා අතීතයේ හුණු බදාම භාවිත කර ඇතත් වර්තමානයේ සිමෙන්ති බදාම භාවිත කරයි. අතීතයේ මහල් වෙන්කිරීමට ලෑලි යොදා ගෙන ඇතත් වර්තමානයේ කොන්ක්‍රීට් භාවිත කෙරෙයි. වහල සැකසීමේ දී අතීතයේ දැව භාවිත කර ඇතත් වර්තමානයේ කාප්ප යොදා ගැනීම සිදුවේ.

ගෙබිම සඳහා අතීතයේ ගොම මැටි භාවිතයේ යෙදුණ ද පසුකාලීනව සිමෙන්ති කොළපු යොදා ගැණින. වර්තමානය වන විට ඇතැම් නිවාස ගෙබිම බිම් ගඩොල්, පිඟන් මැටි හෝ ඔපදැමූ කළුගල් (Granite) භාවිතයට ගෙන ඇත.

ඈත අතීතයේ මහල් ගොඩනැගිලි ලෙස ඉඳිවූ සත් මහල් ප්‍රසාද හා ලෝවාමහාපාය වැනි ඉඳිකිරීම්වල අත්තිවාරම හා පාදම කළුගල් ස්තරයකින් හා විශාල ගඩොල් අත්තිවාරමකින් යුක්තය. පයිලිං යන්ත්‍ර යොදා ගනිමින් පොළොවට ගිල්වනු ලබන කොන්ක්‍රීට් ටැඹ මත වර්තමානයේ මහල් ගොඩනැගිලි ඉඳිකරයි. ගොඩනැගිලි ඉඳිකිරීම් කර්මාන්තයට පෑස්සුම් කරීම (Welding) වැනි නව ශිල්ප ක්‍රමද එක් වී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017