දේශීය කර්මාන්ත සංවර්ධනය
 

කර්මාන්තවල සංවර්ධනයේ විවිධ මට්ටම් දැකිය හැකිවෙයි. එම මට්ටම් හඳුනාගැනීමට අතීතයේ සිට වර්තමානය තෙක් කර්මාන්ත තුළ යොදා ගැණුනු සම්පත් හා ශිල්පීය ක්‍රම අධ්‍යයනය කළ යුතු වේ.

කර්මාන්ත සඳහා උපයෝගි කරගන්නා සම්පත් ලෙස,

ශ්‍රමය

ශිල්පීය දැනුම

උපකරණ

යන්ත්‍ර සූත්‍ර

දේශගුණය සහ යටිතල පහසුකම් දැක්විය හැකිය.

එමෙන්ම යම් කර්මාන්තයකට සුවිශේෂි වූ ශිල්පීය ක්‍රම භාවිත කෙරෙයි. නිදසුනක් ලෙස ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනයේ දී පිඹුම් වාත්තු (Blow Moulding) ශිල්පීය ක්‍රමය හා දැව පදම් කිරීමේ දී (Wood Treatment) ශිල්පීය ක්‍රමය භාවිත කෙරේ.

දේශීය කර්මාන්ත කිහිපයක යොදාගන්නා සම්පත් හා ශිල්පීය ක්‍රම වල විකාශය විමසා බලමු.
(c) Shilpa Sayura Foundation 2006-2017