1898 වසර ඇසළ මස 14 වෙනි දින මෙලොව ජන්ම ලාභයෙන් අනතුරුව 1916 වර්ෂයේ දී පැවිදි බිමට ඇතුළත් වූ මුන් වහන්සේ නැවතත් 1918 වර්ෂයේ උපසම්පදා විනය කර්මයට පිවිසෙමින්, ආචාර්ය පැළෑනේ වජිරඤාණ ස්වාමින්ද්‍රයන් ගුරුකොට ශිල්ප හැදෑරී ය.
නොයෙක් විදේශ රට වල වැඩම කරමින් ධර්ම ප්‍රචාරයෙ යෙදුණු නාරද හිමි, දහම් පත පොත ද බෙදාහරිමින්, වෙසෙසින් නේපාලය, සිංගපූරුව, බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යයන් හි සීමා මාලක, ස්මාරක, බෞද්ධ විහාරස්ථාන ඉදිකරවමින්, සත්‍යය සදහම් මාර්ගයේ නියැලුනු සංඝ පීතෘවරයෙකි.
මුන් වහන්සේ විසින් රචිත "සදහම් මඟ" "ධර්ම සංග්‍රහය" වැනි ග්රන්ථ ඇතුලු විදේශීය භාෂාවන් ගෙන් ලියැවුණු පොත් රැසක් ශාසනයේ අභිවෘද්ධය වෙනුවෙන් දායාද කරන ලද්දාහ.
දහම් පාසල් හා අනෙකුත් පොදු සේවාවන් පිණිස කැප වූ මෙම ස්වාමින් වහන්සේ 1983 වර්ෂයේ ඔක්තෝබර් මස අපවත් වී වඳාළහ.