වානිජ ආර්ථිකයත් සමඟ ජාතික රාජ්‍ය වශයෙන් බලවත්ව නැඟි සිටි එංගලන්තය, ප්‍රංශය ආදි යුරෝපයේ සෙසු රාජ්‍ය හා සම කරන විට රුසියාව දේශපාලන, සමාජ, ආර්ථික වශයෙන් ඉතා දුර්වල තත්වයක පැවති රටකි. මධ්‍යතන යුගයේ සිටම වරින් වර එල්ල වු ලිතුවේනියන්, පෝලිස්, මොන්ගලියන්, ටාටර්, ආදි ආක්‍රමණික බලවේග රුසියාව දුර්වල කිරීමෙහිලා බෙහෙවින් හේතු විය. එහි දේශපාලන, සමාජ, ආර්ථික ක්‍රමය තුල වැඩවසම් ලක්ෂණ මුල් බැස ගෙන පැවතුණි.
ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ, යුද්ධමය ආදි වශයෙන් රාජ්‍ය අධිකාරිය දුර්වලව පැවති අතර සෙසු ප්‍රදේශ වැඩවසම් රදල ප්‍රධානින්ගේ අණසක යටතේ පැවතුණි.
කාර්මික සහ වානිජ අංශවල දියුණුවක් නොවීමත් විද්‍යාත්මක, තාක්ෂණික, සමාජ හා සංස්කෘතික වශයෙන් පැවති බරපතල පසුගාමි බවත් මේ අවධියේ කැපී පෙණුන අනෙකුත් ලක්ෂණ විය. මෙවැනි තත්වයක් රුසියාවේ පැවතිය ද 19 වන සියවසට පැමිණෙන විට පැවති තත්වයෙහි වෙනස්කම් සිදුවනු දක්නට ලැබෙයි. මේ සම්බන්ධයෙන් මුල් පියවර තැබු පාලකයන් අතර 18 වන සියවසේ රුසියාව පාලනය කල මහා පීටර් රජු (1682-1725) මහා කැතරින් රැජිණ ද (1762-1796) හැඳින්විය හැක.
මොවුන්ගේ පාලන කාලවලදි රුසියාවට එල්ල වු සතුරු ආක්‍රමණ මර්දනය කොට බලප්‍රදේශ පුළුල් කෙරිණි. රාජ්‍යයේ මධ්‍යගත බලය ශක්තිමත් කොට පරිපාලනයේ අඩුපාඩු මඟ හරිමින් බටහිර රාජ්‍යවලට සමාන සමාජ නවීකරණයක් අත්කර ගැනීමේ වැඩ පිළිවෙලක් මහා පීටර් හා මහා කැතරින් ආදීන් අනුගමනය කළහ. එහෙත් ඔවුන් ගෙන් පසුව බලය ලබා ගත් පිරිසට හෝ සමාජයේ මුල් බැස තිබුණු පසුගාමිත්වයට හෝ සමාජ අර්බුද වලට හෝ විසඳුම් ලබා දීමට නොහැකි විය.
18 වන සියවස මැද භාගයේ රුසියානු ජන සමාජය පුලුල් වීම හේතු කොට ගෙන සංස්කෘතික හා සමාජ වශයෙන් ද බලවත් විෂමතා වලින් යුක්ත විය. අසමාන ජන කොටස් එක් කොට තබා ගනිමින් මේ සා විශාල රාජ්‍යයක් මෙහෙයවීම පහසු නොවීය. මේ තත්වය යටතේ සාර්වරු ක්‍රමයෙන් ඒකාධිපතීත්වයට යොමු වෙමින් ස්වාධීනව ක්‍රියා කල වැඩවසම් ප්‍රධානින් තමන්ට නතු කර ගත්හ. වැඩවසම් ක්‍රමයේම පිළිබිඹුවක් වු නමුත් යුධ හමුදාව රජුට පක්ෂපාති කර ගැනිමට සාර් පාලකයෝ සමත් වුහ.
නොදියුණු ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වු රටේ ජන සංඛ්‍යාවෙන් 97% ක් පමණ වු දිළිදු ජනතාව දහසකුත් පීඩාවන්ට කොටු කර තමන්ට අවනත රදල පන්තියේ යටතට පත් කරන ලදි. රුසියානු ගොවි සමාජය, ප්‍රවේණි දාසයන් ලෙස රදලයන්ගේ පෞද්ගලික දේපලක් විය. මොවුන් ගෙන් කැමති අයුරින් වැඩ ගැනිමටද, දඩුවම් කිරීමටද, මුදලට විකිණීමටද, හුවමාරු කර ගැනිමටද, අයිතිය රදලයන්ට තිබුණි.
මෙම සමාජ අර්බුදය මැනවින් පිළිබිඹු කල බරපතල ප්‍රශ්නය වුයේ ගොවි සමාජයේ තත්වයයි. ඔවුහු බරපතල සමාජ අසාධරණයටද, පීඩනයටද, ලක්ව සිටි අතර රුසියාව හැර සෙසු යුරෝපා රාජ්‍යවල ග්‍රාමීය ගොවීන්ගේ තත්වය මීට වඩා යහපත් විය. රදලයෝ ද පුජකයෝ ද රටේ සම්පත් බහුතර ප්‍රමාණයක් අයිති කර ගෙන සිටි අතර ප්‍රවේණි දාසයන් ඔවුන්ගේ දේපලක් ලෙස පරිහරණය කළහ.
සාමාන්‍ය ජනතාවගේ තත්වය මෙසේ වුවද රුසියාව තුල වානිජ කාර්මික යන අංශවල දියුණුවක් 19 සියවස තුල ඇතිවනු දක්නට ඇත. මේ නිසා නාගරික කම්කරු පන්තියක් බිහිවෙයි. එංගලන්තය, ප්‍රංශය ආදි රාජ්‍යවල කාර්මික විප්ලවය සමඟ ඇති වු ආර්ථික වර්ධනයට සමාන කල නොහැකි වුවද රුසියාවේ ආර්ථික වර්ධනයේ විශේෂ ලක්ෂණ කිහිපයක් විය.
කාර්මික විප්ලවයේ බලපෑම ප්‍රමාද වී හෝ රුසියාවට ලැබුණේ විදේශ ආයෝජනයේ ප්‍රතිඵලයක් වශයෙනි. එහෙයින් රුසියාවේ ආර්ථික දියුණුව රටේ අභ්‍යන්තරිකව ඇති වු සමස්ථ සමාජ ආර්ථක පරිවර්තනයේ ප්‍රතිඵලයක් නොවීය.