හීනටියන ධම්මාලෝක නායක හාමුදුරුවෝ
 

කාලිංග පියසේන ද සිල්වා නමින් 1900 වර්ෂයෙහි උපන් මේ කුමරුවා පීල්ලවත්ත කණිටු විදුහලින් ලැබූ මූලික අධ්‍යාපනයෙන් අනතුරුව පැවිදිව විද් යෝදය පිරිවෙන්හි උසස්‌ අධ්‍යාපනය ලද්දේ ය.

එකළ සෑම සතියකම ධර්ම දේශනා පැවැත් වූ මුන් වහන්සේ ගේ අර්ථවත් මධුර බණ දේශනා හේතුයෙන් බොදු ජනයා අතර මහත් ප්‍රසිද්ධියක්‌ හා ගෞරවයක්‌ ඇති විය. 1924 දී ලංකා බෞද්ධ ධර්ම දූත සභාවේ ආරම්භයත් සමඟ එහි අනුශාසක පදවි ප්‍රාප්ත වූ හීනටියන ධම්මාලෝක හමි විහාරස්‌ථාන කිහිපයකම අධිපති ව වැඩ විසූහ.
පසුකාලයේ ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ලබාගත් පුහුණුවත් සමඟ සිය රටට වැඩම කළ මුන් වහන්සේ දිවිය පුරාම පොදු සමාජ මෙහෙය වෙනුවෙන් ද ශාසනික දියුණුව වෙනුවෙන් ද කටයුතු කළහ.

දේශයේ ජාතියේ ශාසනයේ අභිවෘද්ධිය තකා කැපවීමෙන් කටයුතු කිරීමෙන් හීනටියන ධම්මාලෝක ස්‌වාමින් වහන්සේ ට විශේෂ තනතුරු කී පයක්‌ ම පිරිනැමින. කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ද, පේරාදෙනිය විශ්ව විද්‍යාල සංඝාරාමයේ පාළක ධූරය ද, මුන් වහන්සේ ට හි මි වූ අතර ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නයක ධූරය ද හෙබවී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017