කර්මාන්ත හැඳින්වීමේ දී ඒවායේ කෙරෙන නිෂ්පාදනය අනුව කර්මාන්ත නම් කෙරෙයි. උදාහරණ ලෙස පාවහන් කර්මාන්තය, සබන් කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය දැක්විය හැකිය.
මේවා විවිධ නිර්ණායක පදනම් කරගනිමින් වර්ගීකරණය කරයි. එවැනි නිර්ණායක කිහිපයක් පහත දැක්වේ.
නිෂ්පාදන ස්වරූපය
* පතල් හා කැනීම් (මිනිරන්, මැණික් වැනි)
* ද්‍රව්‍ය සැකසීම (තේ, පොල්, රබර් වැනි)
* නිමි භාණ්ඩ තැනීම (පිඟන්, සපත්තු, දැව ගෘහ භාණ්ඩ වැනි)
* අලුත්වැඩියා, නඩත්තු හා සේවා (වාහන, ගොඩනැඟිලි, ප්‍රවාහනය වැනි)