වෛදික සාහිත්‍යය
 

වේද සාහිත්‍ය චතුර් වේදය වශයෙන් හඳුන්වයි. සෘග්-යජුර්-සාම-අර්ථවන්, එම වේද සතරයි. මෙයින් ඉපැරණිම හා වැදගත් ම ග්‍රන්ථය සෘග් වේදය යි. සංස්කෘත භාෂාවෙන් රචිත මෙය ශ්ලෝක 1028 කින් සමන්විතය.


මෙම කෘතියේ මණ්ඩල හෙවත් ග්‍රන්ථ 10 කි. අවුරුදු දහස් ගණනක සිට මුඛ පරම්පරාගතව විවිධ සෘෂි පරම්පරා කට පාඩමින් ගෙන ආ තොරතුරු මෙම වෛදික සාහිත්‍ය ග්‍රන්ථවල ඇතුළත් වේ.


ආර්යයන් මුලදී සංචාරකයින්ව සිට පසුව ස්ථාවර ජීවිතයකට එළඹෙමින් ශිෂ්ටාචාරය ගොඩනගාගත් ආකාරයත් සෘග්වේදයෙන් හෙළිවේ.


සෘග්වේදය සියුම්ව හා විචාරශීලි ව අධ්‍යයනය කිරීමෙන් ආර්යයන් වයඹ දිග ඉන්දියාවට සංක්‍රමණය වීම පිළිබඳවත්, පංජාබ් ප්‍රදේශයේ මුල් ම ජනාවාස ඇතිකර ගැනීම හා ඉන්දියාවේ ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳත් හෙළිවෙන තොරතුරු වැදගත් වේ.


තත්ත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික තත්ත්වය පිළිබඳ යථාවබෝධයක් ලැබීමට ද පිටිවහලක් වේ. එසේම ඔවුන්ගේ මුල්කාලීන ජීවිතය පිළිබඳවත්, ඔවුන්ට මුහුණපෑමට සිදු වූ සංසිද්ධි හා ගැටළු පිළිබඳවත් මෙම ශ්ලෝකවලින් හෙළිවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017