"එක් ජාතියක් සඳහා එක් රාජ්‍යයක්" යන සිද්ධාන්තය ජාතික රාජ්‍ය ක්‍රමයේ පදනම ය. නූතන යුගය උදාවෙත් ම විවිධාකාර ක්‍ෂේත්‍රවල සිදුවූ නවෝදය තුළින් යුරෝපයේ විවිධ රටවල ජාතික රාජ්‍ය බිහිවිය.
මේ කාලයේ රටවල පාලකයෝ නොයෙකුත් උපක්‍රම මගින් ප්‍රාදේශීය පාලන ඒකක එක් පාලනයක් යටතට නතු කිරීමට උත්සාහ ගත්හ. ඒ සඳහා ඔවුන් විවාහ සබඳතා මගින් ද, යුද්ධ මඟින් ද, උරුමයන් ඉදිරිපත් කිරීමෙන් ද කටයුතු කළහ.
මේ යටතේ රජු වෙත සියලු බලතල කේන්ද්‍රගත වීම නිසා මෙම ජාතික රාජ්‍යවල රජු වැඩවසම් අවධියේ සිටි රජවරුන්ට වඩා බලවත් විය.
කුරුස යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් වංශාධිපතිවරුන්ගේ බලය හීන වී ගොස් නව ධනවාදි සමාජ පංතියක් බිහිවීමත්, ජාතික රාජ්‍යවල රජවරුන් ඉතා බලවත් වීමත්, රජු විසින් වංශාධිපතිවරුන්ගේ බලය බිඳ දැමූ බවත් හෙළිවේ.
