1901 වර්ෂයේ ටිබෙට් දේශයේ සිකීමා නම් ග්‍රාමයේ උපන් මෙ තුමා ශ්‍රී ලංකාවට පැමිණියේ 1914 වර්ෂයේ දී ය. මෙ රටට පැමිණ පැවිදි වූ මුන් වහන්සේ මාළිඟා කන්දේ විද් යෝදය පිරිවෙනට පිවිස පාලි භාෂාව උගත්තේය.
බුදු දහම මැනවින් අවබෝධ කොට ගත් මේ තෙරුන් වහන්සේ විදෙස් ජාතිකයෙක් වුව ද සිහළ ජාතිය හා සංස්කෘතිය කෙරේ බැඳෙමින් එහි උන්නතිය පිණිස කළ අභීත මෙහෙය ද, පරාධීන ජාතියක් ලෙසින් පරිහානියට පත් සිහළුන් ගේ ජාතික හැගීම් හා දේශානුරාගය පුබුදුවාලමින් කළ සාහිත්‍ය සේවය ද, ඉමහති.