"යුරෝපීය ක්‍රිස්තු භක්තිකයින් 11 වන සියවසේ සිට 13 වන සියවස දක්වා ඔවුන්ගේ ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදා ගැනීමට ගෙන ගිය සටන් මාලාවකි" කුරුස යුද්ධය.
٠ මෙය පාප්වහන්සේගේ මෙහෙයවීමෙන් ආරම්භ විය.
٠ ක්‍රිස්තු භක්තිකයන්ගේ ශුද්ධ භූමිය වූ ජේරුසලම තුර්කීන්ගෙන් බේරාගැනීම මෙහි ප්‍රධාන අරමුණ ලෙස සැලකේ.කුරුස යුද්ධ මාලාව
පළමුවන කුරුස යුද්ධය ක්‍රි.ව. 1096-1099 දක්වා ද
දෙවන කුරුස යුද්ධය ක්‍රි.ව. 1147-1149 දක්වා ද
තෙවන කුරුස යුද්ධය ක්‍රි.ව.1189-1191 දක්වා ද සිදුවී ඇත.
සිව්වන කුරුස යුද්ධය හා අනෙකුත් කුරුස යුද්ධ මාලාව ක්‍රි.ව. 1217-1270 දක්වා කාල පරාශය තුළ සිදුවී ඇත.
٠ පළමු කුරුස යුද්ධය දෙවන අර්බන් පාප්තුමාගේ කැඳවීම මත සිදුවී ඇත.
٠ මෙම ඉල්ලීම මත ප්‍රංශය-එංගලන්තය හා ජර්මනිය යන රටවලින් විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණියහ.
٠ ඔවුන් සියලු දෙනා කුරුසයක් පැළඳ සටනට පැමිණි බැවින් මෙය කුරුස යුද්ධය ලෙස නම් කරයි.
පළමුවන කුරුස යුද්ධයට ආසන්නම හේතුව වන්නේ, ජේරුසලමට වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයින්ට හිරිහැර කිරීම නිසා බෛන්සන්තියම් ඇලෙක්සිස් කොම්නෙනස් දෙවන අර්බන් පාප්තුමාගෙන් ආධාර ඉල්ලා සිටීමයි.
මේ යුද්ධයේ දී ක්‍රිස්තියානුවන් ට ජය අත් වුව ද නැවත වරක් තුර්කි ජාතිකයන් මෙම ප්‍රදේශ යටත් කර ගත්හ. මේ සටන් වලදී තුර්කීන්ට ජයගැනීමට හැකිවුණේ,
٠ ක්‍රිස්තියානුවන් අතර මත භේද ඇතිවීමත්
٠ යුද්ධෝපායන්ගේ දුර්වලතාවයත් හා යුද්ධයට සහභාගි වූවෝ මංකොල්ලකමෙහි යෙදීමත් නිසාය.
ක්‍රි.ව. 1096-1453 දක්වා සිදු වූ මෙම කුරුස යුද්ධ මාලාවේ උච්චතම අවස්ථාව වූයේ 1453 දී තුර්කීන් ජයගෙන පෙර අපර දිග වෙළෙඳ මධ්‍යස්ථානය වූ කොන්ස්තන්හි නේපාලය යටත් කර ගැනීම ය.
යේසුස් වහන්සේ උපන් ජේරුසලම ක්‍රි.ව. 7 වන සියවසේ අරාබි ජාතිකයින් නතු කර ගැනීම මෙම යුද්ධ ඇතිවීමට මූලික ව බලපා තිබේ. මේ හැර ක්‍රිස්තු භක්තිකයන්ට ජේරුසලමට වන්දනා කිරීමට තිබු අවස්ථාව අහිමි කිරීමත්, ඉස්ලාම් බලය යුරෝපයේ ව්‍යාප්ත වීමත් මෙම යුද්ධවලට බලපා ඇත.
මෙහි ප්‍රතිඵල
٠ බෛසන්තියම් අධිරාජ්‍යයේ බලය පිරිහී යාම හා ක්‍රි.ව. 1453 දී එහි අගනුවර කොන්ස්තන්තිනෝපලය තුර්කීන්ට යටත්වීම.
٠ යුරෝපයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටීමේ පදනම ඇතිවීම.
٠ පෙර අපර දෙදිග වෙළෙඳාම පුළුල් වීම.
٠ පෙරදිගට නව වෙළෙඳ මාර්ග සොයායෑමේ අවශ්‍යතාව ඇතිවීම.
٠ ග්‍රීක-රෝම පොත් යුරෝපීයන්ට ලැබීමත් සමඟ පුනරුදය ඇතිවීම.