රජතුමා හා රටවැසියා අතර සබඳතාව දුරස්ථ විය. වංශාධිපතිවරු බලවත් වූහ. මේ නිසා රටවැසියාගේ පක්ෂපාතිත්වය රජතුමාටත්, ප්‍රභූවරුන්ටත් යන දෙපක්ෂයට ම බෙදී තිබුණේය.
ප්‍රභූවරුන් යටතේ නයිට්වරු ද, නයිට්වරු යටතේ සාමාන්‍ය ජනතාව ද සේවය කළහ. මෙහිදී දේශපාලන ලක්ෂණ ගණනාවක් හඳුනාගත හැකිය.
٠ පාලන බලය විකේන්ද්‍ර වීම.
٠ රදළ බලය අධික වීම.
٠ රජුගේ බලය අඩුවීම.
٠ සමාජයේ සෑම අයෙක් ම ප්‍රධානියෙකු යටතේ කටයුතු කිරීම.
٠ වංශාධිපතිවරු ස්වාධීනව කටයුතු කිරීම.
٠ රාජ්‍ය හමුදාවක් නොවීම. වශයෙනි.ආර්ථික ලක්ෂණ
වැඩවසම් සමාජයේ ආර්ථික ක්‍රමයේ පදනම ප්‍රවේණි ක්‍රමය යි. රජුගේ සිට පහළම ස්තරය දක්වා නිල ක්‍රමයකට ප්‍රවේණි ක්‍රමය ස්ථාපිත ව තිබුණේය. ඒ අනුව මෙහි ආර්ථික ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
٠ ස්වයංපෝෂිත ආර්ථික රටාව.
٠ ප්‍රවේණි ක්‍රමය.
٠ ඉඩම් වගාව, ශෂ්‍ය මාරුව හා කට්ටිමාරු ක්‍රමය යටතේ සිදුවීම.
٠ වෙළෙඳාම සුළු වශයෙන් භාණ්ඩ හුවමාරුව යටතේ සිදුවීම.
٠ වංශාධිපතිවරුන්ට නොමිලේ ප්‍රවේණි දාසයින් සේවය කිරීම.
٠ කර්මාන්ත සුළු වශයෙන් පැවතීම.සමාජයීය ලක්ෂණ
වැඩවසම් සමාජ ක්‍රමයේ සාමාජීය ලක්ෂණ ද ප්‍රවේණි ක්‍රමය හා බැඳී පවතී.
٠ උත්පත්තිය අනුව සමාජ තරාතිරම තීරණය වීම.
٠ සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතියක් නොවීම.
٠ ප්‍රවේණි දාසයින් වංශාධිපතිවරුන්ට සේවාකම් කල යුතු වීම.
٠ රජු-රදළ-පූජක සාමාන්‍ය ජනතාව වශයෙන් සාමූහික බව.
සංස්කෘතික ලක්ෂණ