ඉඩම් භුක්ති ක්‍රමය මත පදනම් වීම.
රාජ්‍යයේ සියලු ම ඉඩම්වල හිමිකරුවා රජතුමාය. රාජ්‍යත්වය ද පාරම්පරික හිමි වූ තනතුරකි. රජු තමාට අයත් සියලුම ඉඩම් කොටස් කර ප්‍රධාන ඒවා තමා යටතේ තබාගෙන ඉතිරි ඉඩම් වංශාධිපති ප්‍රභූන්ට පිරිනමයි.
ප්‍රභූන් ද ඉඩම් ලබාදීම වෙනුවෙන් රජුට යුතුකම් ඉටුකළ යුතුය.
٠ රජුට අවශ්‍ය යුද්ධ සේනාව සැපයීම.
٠ රජුට පක්ෂපාතව කටයුතු කිරීම.
٠ රජු ආරක්ෂා කිරීම. ආදී වශයෙනි.
රජු විසින් ප්‍රභූවරුන්ට පවරන මේ ඉඩම් ප්‍රවේණිය හෙවත් නින්දගම් වශයෙන් හඳුන්වයි. මෙම නින්දගම් ලබාගත් අය එම ඉඩම් පාලන කටයුතු ඉටු කිරීමට නිලකාරයින් පත් කළහ. මෙම නිලකාරයෝ නයිට්වරු නමින් හඳුන්වයි.
නයිට්වරුන්, ප්‍රවේණි දාසයින් හෙවත් සාමාන්‍ය කම්කරුවන් ලවා මෙම ඉඩම් වල වගාකටයුතු කරවයි. මෙහිදී ඉඩම් හිමියා හා ප්‍රවේණි දාසයා අතර මනා සබඳතාවක් ඇතිවිය.
ප්‍රවේණි දාසයා ආරක්ෂා කිරීමත්, දේපොළ හා ජීවිත ආරක්ෂා කිරීමත් ඉඩම් හිමියා කළ යුතු විය. ප්‍රවේණි දාසයා ද ඉඩම් හිමියාට නොමිළේ තම සේවය ලබාදිය යුතු විය. මේ ආකාරයට වැඩවසම් සමාජ ක්‍රමය ඉඩම් භුක්ති ක්‍රමය මත පදනම දමා තිබුණ බව පැහැදිලි වේ.