වැඩවසම් ක්‍රමය යනු කුමක් ද?
 

වැඩවසම් ක්‍රමය යනු කුමක් ද?


මේ පිළිබඳ නිශ්චිත, නිරවුල්, පොදු අර්ථකතනයක් දිය නොහැකි නමුත් විව්ධ අර්ථකතන ඉදිරිපත් කර ඇත. ඒ අතරින් ස්ටබ්ස් නමැති ඉතිහාසඥයාගේ අර්ථකතනය පිළිගැනීමට ලක් වී ඇත.


ඔහුට අනුව, සරලව නිර්වචනය කරන්නේ නම්, "ඉඩම් භුක්තිය මත සේවා සැපයීම පදනම් කරගත් දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවිධාන ක්‍රමයකි". නොඑසේනම්, ක්‍රි.ව. 5 - 15 වන සියවස දක්වා කාලය තුළ ඇති වූ දේශපාලන, ආර්ථික හා සමාජ රටාව ලෙස ද හඳුන්වා දිය හැකිිය.


වැඩවසම් ක්‍රමයේ පොදු ලක්ෂණ කිහිපයක් නම්,
٠ ඉඩම් භුක්ති ක්‍රමය මත පදනම් වීම.

٠ ඉඩම් හිමියා හා ප්‍රවේණි දාසයා අතර සබඳතාවක් ඇතිවීම.

٠ ඉඩම් භුක්තිය වෙනුවට සේවය සැපයීම.

٠ ඉඩම් හිමියා විසින් ප්‍රවේණි දාසයාට යුතුකම් ඉටුකිරීම. වශයෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017