මධ්‍යකාලීන යුරෝපය
 

මධ්‍යකාලීන යුරෝපයේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අභිවර්ධනය


වැඩවසම් ක්‍රමයේ ආරම්භය


ක්‍රි.ව. 500-1500 දක්වා කාලය යුරෝපයේ මධ්‍යතන අවධිය ලෙස සැලකෙයි. මේ කාලයේ යුරෝපයේ සමාජ ප්‍රගමනයේ දී වැදගත් ම ලක්ෂණයක් වූයේ වැඩවසම් ක්‍රමයේ ආරම්භයයි.


ක්‍රි.ව. 5 වන සියවසේ දී රෝම අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසු යුරෝපයේ බොහෝ රටවල වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වී ඇත. ක්‍රි.ව. 5 වන සියවසේ පමණ රෝම අධිරාජ්‍යයේ තිබූ කැරොලොන්ජියන් අධිරාජ්‍යයට


උතුරින් - වෛකිංවරු ද,

දකුණින් - මුස්ලිම්වරු ද,

නැගෙනහිරින් - හන්වරු ද, ආක්‍රමණ එල්ල කළහ.

මෙම ආක්‍රමණවලට මුහුණ දීමට අපොහොසත් වූ රජවරු තමා සතු ඉඩම් වංශාධිපති රදලයන්ට පැවරූහ. මෙආකාරයෙන් රජුගේ බලය හීන වීමත් සමඟ, යුරෝපා රටවල වැඩවසම් ක්‍රමය ව්‍යාප්ත වී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017