ජහන්ගීර් සහ ෂාජහාන්
  ජහන්ගීර්

අක්බාර් රජුගේ පුත්‍රයා ය. සිය පියා අනුගමනය කරමින් අධිරාජ්‍ය ව්‍යාප්තිය නොකඩවා ක්‍රියාත්මත කළේය. ජහන්ගීර් පාලන සමයේ පළමුවන ජේම්ස් රජුගෙන් ලිපියක් රැගෙන (1608 දී) කපිතාන් හෝකීන්ස් ඉන්දියාවේ වෙළෙඳාම සඳහා මෙතුමාගෙන් අවසර ඉල්ලා ඇත. සුරාත්වල බලකොටුවක් ඉඳිකිරීමට ඉංග්‍රීසි සමාගමකට අවසර දී තිබෙන බව පැවසේ. ෂාජහාන්

ක්‍රි.ව. 1627 දී ජහන්ගීර් ගේ අභාවයෙන් පසු ෂාජහාන් හෙවත් කුර්රාම් කුමාරයා මෝගල් සිහසුනට පත්විය. ඇතැම්හු ෂාජහාන්ගේ පාලන සමය මෝගල් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වති.

ගෘහ නිර්මාණය හා කලාවන් ගේ ශ්‍රේෂඨත්වයේ උපරිම අවස්ථාව මෙම පාලන සමයේ සිදුවූ බව බොහෝ වියතුන්ගේ පිළිගැනීමයි. ෂාජහාන්ගේ බිසව වූ මුම්තාජ් මහල් ට තිබූ නොමියෙන සෙනෙහස සංකේතවත් කිරීමට මොහු අග්‍රාහි ටජ්මහල් මැදුර ඉඳිකළේ ය. රතු බලකොටුව ද මෙතුමාගේ නිර්මාණයකි.

1658 දී ඔහුගේ පුතුන් සිවුදෙනාගෙන් ඖරන්ෂෙබ් විසින් ෂාජහාන් සිරගත කොට සිහසුනට පත්වී ඇත. ඖරන්ෂෙබ් ගේ සමයේ මෝගල් අධිරාජ්‍යයේ පරිහානිය සිදු වූ බව පිළිගැනෙයි.

ඔහු නැවත ජෙසියා බද්ද ඇති කළ බවත්, හිංදු සිද්ධස්ථාන විනාශ කළ බවත් සඳහන් වේ. ක්‍රි.ව. 1707 දී මොහුගේ මරණයත් සමඟ මොගල් අධිරාජ්‍ය බිඳවැටීම සිදු වූ බව සැලකෙයි.

٠ යුද්ධ හමුදාවේ අකාර්යක්ෂමතාව.
٠ ප්‍රාදේශීය පාලන ධූර වලට එකිනෙකා අතර සටන් පැවතීම.
٠ හිංදුන් ගේ පක්‍ෂපාතිත්වය නැතිකර දැමීම.
٠ බාහිර හා අභ්‍යන්තර සතුරු උවදුරු ඇතිවීම.  මොගල් අධිරාජ්‍ය බිඳවැටීමට හේතු ලෙස දැක්වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017