මහා අක්බාර් රජතුමා
  හුමායුන්ගේ පුත්‍රයා වූ අක්බාර් කුමාරයා වයස අවු. 4 දී පමණ රාජ්‍යයේ අනුප්‍රාප්තිකයා ලෙස සිහසුනට පත්විය ( ක්‍රි.ව. 1556 දී). අක්බාර කුමාරයා ළාබාල වීම නිසා ඔහුගේ භාරකරු ලෙස කටයුතු කළේ බයිරන් ඛාන්ය. මෝගල් අධිරාජ්‍යයේ ශ්‍රේෂටතම පාලකයා වූ අක්බාර් ඉනදියාවේ සටනින් ජයගෙන ඇති බව හෙළිවෙයි. අක්බාර් රජතුමා විසින් මාල්වා, බෙංගාලය, කාබුල්, කාශ්මීරය, සින්ද්, ඔරිස්සා, බලුකිස්ථානය සහ දෞලතාබාද් යන ප්‍රදේශ අත්පත් කරගනනා ලදී.

ආගමික සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෙතුමා ජනහිතකාමි පාලකයෙකු ලෙස සැලකේ. 

٠ මුස්ලිම් නොවන අයගෙන් අයකළ ජෙසියා බද්ද අහෝසි කිරීම.

٠ අන්‍ය ආගම් ඉවසීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.

٠ හිංදු වන්දනාකරුවන්ගෙන් අයකළ බදු අවලංගු කිරීම.

٠ අන්‍ය ආගමික උගතුන්ගේ දේශනාවලට සවන් දී සාකච්චා පැවැත්වීම.

٠ රාජ්පුත් කාන්තාවන් අන්තඃපුරයට ගෙන්වීම නතර කිරීම.

٠ හිංදු හා මුස්ලිම්වරුන් එක්සත් කිරමට කටයුතු කිරීම.

٠ යුධ සිරකරුවන් වහලුන් කර ගැනීම තහනම් කිරීම.

මෝගල් අධිරාජ්‍යයේ ශ්‍රේෂටතම හා වැදගත් ම පාලකයා ලෙස අක්බාර් රජතුමා පිළිගැනේ. ජනහිතකාමි පාලනය උදෙසා සතිපූජාව තහනම් කිරීමත්, ළදරුවන් ඝාතනය නතර කිරීමටත්, ළමා විවාහ අත්හිටුවීමටත් මෙතුමා ක්‍රියාකර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017