ලංකාවේ පාලනය ඉංග්‍රීසීන්ගේ අතට පත්කර දීමෙන් පසු උඩරට ජනනායක රදළවරුන්ටත් ගණනායක සංඝයා වහන්සේටත් වහාම විසදිය යුතු බෑරෑරුම් ප්‍රශ්නයක් මතු වූයේය. මේ ප්‍රශ්නය මතු වීමට ප්‍රධාන හේතුව උඩරට ඉංග්‍රීසි කිරීටය යටතට දුන්නේ සඳහටම නොව ටික කලකට පමණක් ය යන හැඟීම කා තුළත් පැවතීම නිසාය.
ක්‌ෂණයකින් මේ තීරණයට බැසගත් පිරිස " හාමුදුරුවෝ මේ දළඳා වහන්සේ රහසෙන් සඟවාගෙන ගිහින් තබාගන්න. මතු හොද කාලයක් ලැබුවාම නැවතත් අපට මෙහි තබන්න පුළුවනි. අපි ඉංගී්‍රසීන් රැවටීමට වෙන දතක් ඒ වෙනුවට මෙහි තියමු " යි කතිකා කරගත්තා පමණයි.
ආගමාලයෙන් ද දේශානුරාගයෙන් ද ගිනිගෙන දිලිසෙන යකඩ කඳක් මෙන් උද්වේගකර සිත් තැවුලෙන් පසුවුන වාරියපොළ හාමුදුරුවෝ හිඳගත් තැනින් වහා නැගිට සිවුර එක්‌කොට පොරවා සංඝාටිය නවා එකස්‌කොට වම් උරහිස දමා දළඳා වහන්සේ කුඩා කරඩුවක බහා පත් පොටෙහි දමාගෙන සිරි දළඳා මැදුරෙන් පිටත්ව ඇබිත්ත කොලුවාත් සමඟ නුවර වීථිවල පිඩු සිඟා වඩින තපෝවෘර්ධ ගුණවෘර්ධ මහණෙකු සේ හෙමින් හෙමින් පිය නැගූ සේක. දළඳා වහන්සේ සඟවාගෙන ජීවිත ආශාව හැරදමා දළඳා මැදුරේ පියගැට පෙළෙන් බසින වාරියපොළ හාමුදුරුවන් දිහා බලා උන් යට කී සෙසු ගිහි පැවිදි සමූහයාගේ ඇස් වලින් කඳුළු කඩා හැලෙන්නට විය. වාරියපොළ හාමුදුරුවන් නොපෙනෙන තෙක් මානයේ යනතුරු කඳුළු පිස දම දමා බලා උන් පිරිස දළඳා කරඩුව තුළ හදාපු දත තබා වසා කාටවත් නොදැනෙන සේ එතනින් ඉවත්ව ගියාය.
ඉංගී්‍රසීන් මහනුවර ගෙවල් දොරවල් සකස් කරගෙන කාර්යාල පිහිටුවාගෙන නිලතල පවරාගෙන පඳලපදියන්වීමත් සමග ම වටා පිටාවේ කරුණු ගැන නෙත් සිත් යොමන්නට වූහ. එදා සිංහල ඉංගී්‍රසි දෙපක්‌ෂය මගුල් මඩුවට රැස්‌වී අර ප්‍රසිද්ධ උඩරට ගිවිසුමට අත්සන් තබන වෙලාවේ ඔසවන්නට ගිය ඉංගී්‍රසි කොඩිය ඇඳ බිම දමා පයින් පෑගූ පයින් පෑගූ ඒ "මුරණ්‌ඩු මහණා" කොහේදැයි නිලධාරීහු සොයා බලන්නට වූහ.
මෙය ආරංචි වූ වාරියපොළ හිමියෝ ගම්බඳ හැසිරීම නවතා වන වැද ගල්ලෙන් ගිරි ගුහා ආදියෙහි වසමින් දිවි රැකගෙන දළඳා වහන්සේ තබා ගැනීමට සිතා වනගත පෙදෙසට වැඩියේය. කලක් රන්ගිරි දඹුල්ලේ දෙව්රම් විහාරයෙහි මැද සැතපෙන විශාල බුදුපිළිමයට මුවා වී ඒ පසු පස නිදා ගැනීම කරමින් කල් ගත කෙළේය. රන්ගිරි දඹුලු වෙහෙර වැසි භික්‌ෂූන් වහන්සේලා විසින් උන්වහන්සේට දන් පහන් දී මෙන් උවටැන් කරන ලද්දෝය.
මී අඹ වනය
එක් දවසක් සත් කෝරළේ වනයක වාසය කරන කල අපූරු සිද්ධියක් වූයේය. වැහි දිනක් නිසා එදා එළියට බැසලා පිඩුසිඟා යෑමට අවසරයක් නොලැබුණේය. වැසි පායන හැඩකුත් නැත. හැමදාම නියම වෙලාවට දළඳා වහන්සේට ආහාර පූජා කිරීම කිසිම දිනෙක අමතක කලේ නැත. එහෙත් මෙදින දළඳා වහන්සේට ආහාර පූජාව වළකීදෝ යි සැකයෙන් හා බියෙන් යුක්‌තව වැස්‌ස ඌරල් වන තුරු බලා උන්නේය.
හදිසි දානයක්
එක් දවසක් වාරියපොළ හිමියෝ ගමකට ආසන්න වූ කඳුගැටයක පිහිටි ගල්ලෙනක නවාතැන් ගෙන සිටියහ. ඒ අසල ගමේ ආරච්චිල එදා රෑ සිය සොහොයුරාගේ ගෙදරට ගොස් කන්දේ ගල් ලෙනේ හාමුදුරු කෙනෙක් වැඩ සිටිනවා, හෙට උදේ දානය ගෙන ගොස් දීපල්ලා, මට උදේ වෙන ගමනක් යන්නට තිබෙනවා" යි කියා ගියේය. ඒ ඇසූ ආරච්චිල ගේ සොහොයුරා සිය බිරිඳට කියා උදය හීල් දානය පිළියෙල කරවාගෙන ගොස් දන් පිළිගැන් වූයේය. පසුවදා ආරච්චිරාළ හමුවූ ඔහු "අන්න ඊයේ ආරච්චි අය්යා කියාපු හැටියට අපි දානය සුදානම් කරගෙන ගොහින් ගල් ලෙනේ හාමුදුරුවන්ට පිළිගැන්වූවා" යි කීවේය.
මලක්‌කාවට පිටිවහල් කිරීම
අවුරුදු දෙදහස් ගණනකට අධික කාලයක් ස්‌වාධීනව සිටි සිංහල ජාතිය පරාධීන වන මොහොතේ සිය රටේ හිමිකම පරදේශීන් අතට පත්වෙද්දී හද පත්ලෙන් නැගුනු මහා ශෝකයෙන් පීඩිතව එදා ගිවිසුමට අත්සන් කළ දා ඉංග්‍රීසී කොඩිය බිම ඇද හෙලූ වරදටත් සිංහල ජාතියේ ජීවය රඳා සිටින පරමාණු බිංදුවක් සේ සැළකෙන දළඳා හිමිත් රැකගෙන තුන් වසක් පමණ වනගතව දහසක් දුක් විදගෙන සතුරන් අතට අසු නොවී සිටීමේත් රාජද්‍රෝහි වරදට වාරියපොළ හිමියෝ මලක්‌කාවට පිටිවහල් කරනු ලැබූහ.