ටුග්ලුග් රාජවංශයෙන් පසු තුර්කි ජාතික ටිමුර් නමැති ආක්‍රමණිකයෙක් පංජාබයට පැමිණ දිල්ලි සුල්තාන් රාජ්‍ය කොල්ලකා ඇත. ඔහු රටින් පිටවයද්දී සෙයියදු රාජවංශයේ කසර් ඛාන්ට රට බාර දී ගිය බව සඳහන් වේ. ඔහුගෙන් පසු ඔහුගේ පවුලට අයත් මුඛාරක්ෂා ද, මහමුද්ෂා ද, අලම් ෂා ද පිළිවෙළින් සිහසුන දරා ඇත.
මෙයින් පසු ලෝදි රාජවංශයට අයත් බහලොල් ලෝදි රජකම දැරීය. අනතුරු ව සිකර්දර් ලෝදි ද, ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත් ඉබ්‍රහම් ලෝදි රජ වී ඇත. මොහුගේ කාලයේ දිල්ලි සුල්තාන් රාජ්‍යය පිරිහී ගොස් තිබේ.
මෙකල රට තුළ කැරළි කෝලාහල නිරන්තරයෙන් ඇතිවූ නිසා ආකූල ව්‍යාකූල තත්ත්වයක් උදාවිය. එසේම ලෝදි රාජවංශයේ අසමඟිකම ද මේ පිරිහීමට හේතු විය.