ටුග්ලුග් රාජවංශය
 

අලා-උද්-දීන් බල්ජිගෙන් පසුව දුර්වල වූ මුස්ලිම් බලය නැවත වාරයක් ටුග්ලුග් රාජවංශය යටතේ ව්‍යාප්ත විය. මෙහි වැදගත් ම හා බලවත් ම පාලකයා වූයේ ක්‍රි.ව. 1325-1347 කාලයේ රජකළ මුහම්මද්-බින්-ටුග්ලුග් වේ. මේ කාලයේ දිල්ලි සුල්තානයේ බලය උපරිමයෙන් ව්‍යාප්ත වූ නමුත් ඔහුගේ ම අභිමත තීරණ නිසා රාජ්‍ය පිරිහී ගියේ ය.


දිල්ලියෙන් දෞලතාබාදයට අගනුවර මාරුකිරීම හා වැරදි ආර්ථික ප්‍රතිපත්තිය මේ පිරිහීමට හේතු විය. මොහුගේ රාජ්‍ය කාලයේ ඉබන් බතුතා නමැති දේශාටකයා රජ මාළිගේ නැවතී සිටි බව හෙළිවේ. ඔහුගේ වාර්තාව අනුව "අන් සෑම මිනිසුන්ට වඩා මහම්මද් තෑගි දීමෙනුත් ලේ වැගිරීමෙනුත් අධික ප්‍රීතියක් ලැබූ බව" හෙළිවේ.


මුහම්මද්-බින්-ටුග්ගෙන් පසු ඔහුගේ මස්සිනා වූ "පිරෝශ් ෂා" ක්‍රි.ව. 1351-1388 දක්වා සිහසුනේ කටයුතු කර ඇත. අක්බාර් රජුට පෙර සිටි මුස්ලිම් රජවරුන් අතරින් පිරෝශ් ෂා සමාජ සංවර්ධන ක්‍රම ක්‍රියාත්මක කිරීමටත්, පිරිහී තිබුණු රාජ්‍ය භාණ්ඩාගාරය නැවත ශක්තිමත් කිරීමටත් කටයුතු කර ඇත.


මොහු විසින් නගර 200ක් ද, මුස්ලිම් පල්ලි 40ක් ද, උසස් විද්‍යාල 30ක් ද, ජලාශ 30ක් ද කරන ලද්දෙන් කීර්තිමත් තැනැත්තෙක් විය.


(c) Shilpa Sayura Foundation 2006-2017