බල්ජී රාජවංශය (ක්‍රි.ව. 1296-1316)
 

බැල්බන්ගෙන් පසු දුර්වල වූ දිල්ලි සුල්තාන් රාජ්‍ය ක්‍රි.ව. 1292 දී පමණ ජලාල්-උද්-දීන්-බල්ජි විසින් නව රාජවංශයක ආරම්භකයා ලෙස පදනම දමන ලදී. ක්‍රි.ව. 1294 දී ඔහුගේ බෑනා වූ අලා-උද්-දීන් බල්ජි ඩෙකෑනයට ගොස් යුධ කොට ධනය රැගෙන ආපසු එන විට ඔහු පිළිගැනීමට ජලාල්-උද්-දීන්-බල්ජි ගිය විට 1296 දී ඔහු මරා රාජ්‍ය පැහැර ගත්තේය.


මොහු ඉන්දියාවේ හිංදු රාජ්‍යයන් ඉතිරි නොකිරීමට ක්‍රියා කළ ක්‍රෑර වූත් දැඩි වූත් පාලකයෙක් විය. මේ කාලයේ මුස්ලිම් බලය හිමාලයේ සිට රාමේශ්වරම් දක්වාත්, ඇසැම්වල සිට මුල්තාන් දක්වාත් පැතිරී තිබුණු බව අනාවරණය වෙයි. මොහුගේ සේනාධිපතිවරයකු වූ මලික් කපූර් විසින් ගුජරාටය ද අනතුරුව දකුණු ඉන්දියාව ද ආක්‍රමණය කරන ලදී. රාමේෂ්වරම් තුඩුව දක්වා ගමන් කළ ඔහු එහි මුස්ලිම් පල්ලියක් ද ඉඳිකළ බව හෙළි වෙයි.


(c) Shilpa Sayura Foundation 2006-2017