13 වන සියවසෙන් පසු මෙම අධිරාජ්‍ය දිල්ලි නගරය මුල්කරගෙන ව්‍යාප්ත විය. දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ රාජවංශ ගණනාවක් රජකම් කර ඇති බව පැහැදිලිය.
වහල් - බල්ජි - ටුග්ලුග් - සෙයියදු - ලෝදි ආදිය රාජවංශ වේ.
වහල් රාජවංශය (1206-1286):
දිල්ලි සුල්තාන් රාජ්‍යයේ පදනම දමන ලද්දේ කුතුබ් උද්-දීන් අයිබෙක් විසිනි. ඝූර්හි මුහම්බද් විසින් උතුරු ඉන්දියාවේ මුස්ලිම් ප්‍රදේශ පාලනය කිරීමට පත්කළේ කුතුබ් උද්-දීන් අයිබෙක් ය. මොහු, දිල්ලියේ නව රාජවංශයක් ඇරඹූ අතර එය වහල් රාජවංශය නමින් හඳුන්වයි.
ඉන්දියාවේ කුච්වත්-උල්-ඉස්ලාම් පල්ලිය ඉඳිකළේ මෙතුමා ය. විනාශ කළ හිංදු දේවාල 27ක කොටස් එකතු කොට මේ පල්ලිය ඉඳිකළ බව පිළිගැනීමයි.
කුතුබ්ගෙන් පසුව ඉල්ටුග්මිෂ් නමැති සුල්තාන්වරයා දිල්ලි සුල්තානයේ බල ව්‍යාප්තිය ඉදිරියට ගෙන ගොස් ඇත. වහල් රජවරුන් අතර ඉතා ප්‍රකටව සිටි ඔහු 1211-1236 දක්වා ද්ල්ලි සුල්තානයේ රජ වී ඇත. මුස්ලිම් බලය උතුරු ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්කරන ලද්දේ මොහු විසිනි.
ඉල්ටුග්මිෂ් තමාගේ ඇවෑමෙන් තම දියණිය වූ රශියා කිමරියට ඔටුන්න හිමි කර දී තිබේ. ඇය ප්‍රජා හිතකාමි, රණශූර, ධාර්මික රැජිනක් වුව ද දිල්ලි්යේ අශිෂ්ට ප්‍රතිපාක්ෂිකයන්ට විරුද්ධව ක්‍රියාකිරීමට නොහැකි වූ නිසා 1240 දී ඇගේ සැමියා මරා දැමුවාය.
ඉල්ටුග්මිෂ්ගෙන් පසු දිල්ලි සුල්තාන් රාජ්‍යයේ බල ව්‍යාප්තිය නැවත සිදුවුණේ ගියාස්-උද්-දීන්-බැල්බන් යටතේ ය. වහල් රාජවංශයේ දිල්ලි සුල්තානය මෙහෙය වූ දක්ෂතම හා බලවත් ම තැනැත්තා ලෙස මොහු බව පිළිගැනේ.(1266-1286)