ක්‍රි.ව. 10 වන විට උතුරු ඉන්දියාවේ කුඩා හින්දු රාජ්‍යයන් ගණනාවකට බෙදී තිබී ඇත.
٠ හින්දුෂාහි - ජයපාල පාලකයා
٠ කාශ්මීරය - ලෝහර රාජවංශය
٠ කනෞජය - ත්‍රිලෝචන පාල රජු
٠ ගංගා නිම්නයේ පහළ කොටස - පාල රාජ්‍යය
٠ ගුජරාටය - වාලුක්‍ය රාජ්‍යය
٠ බුල්දෙන්ඛන්ඩ් - චන්දෙල්ලා රාජ්‍යය
٠ මාල්වාහි - පරමාර රාජ්‍යය
٠ රාජපුටානා - චහමාන වංශය
10 වන සියවස වන විට කාලිෆ්වරුන්ගේ දේශපාලන ආධිපත්‍යයෙන් මිදුණු මුස්ලිම් රජවරුන් ද ස්වාධීන මුස්ලිම් රාජ්‍ය ගණනාවක් පිහිටුවාගෙන තිබුණි.
ඇෆ්ඝනිස්ථානයේ ඝස්නිය අගනුවර කරගෙන සිටි මුස්ලිම් වහලෙකු වූ අල්ප්තිජින්, ස්වාධීන මුස්ලිම් රාජ්‍යයක ආරම්භකයා ය.
අල්ප්තිජින් ගේ ඇවෑමෙන් ඔහුගේ දියණිය විවාහ ව සිටි සබුක්තිජිත්ට රාජ්‍ය බලය හිමිවිය.
සබුක්තිජිත්ගේ පුතා වන මොහොමඩ්ගේ සහායෙන් රාජ්පුත් පාලකයා වූ ජයපාල පරාද කර පෙෂවෝර් හෙවත් පුරුෂපුරය ආක්‍රමණය කළේය.
සබුක්තිජිත්ගෙන් පසුව ඝස්නි රාජ්‍යයේ බලවත් ම පාලකයා වූයේ මොහොමඩ් හෙවත් මහමුද් ය (ක්‍රි.ව. 998-1028).
මෙම කාලය තුළ දී මහමුද් විසින් ඉන්දියාව 17 වතාවක් ආක්‍රමණය කරන ලදී. මෙම සියලුම ආක්‍රමණ ඉන්දියාවේ ධනය ලබාගැනීමේ අරමුණින් බව සැලකේ.
මෙසේ විවිධ ආක්‍රමණ රැසක් මේ කාලයේ දී හඳුනාගත හැකිය.
ක්‍රි.ව. 999 දී හින්දුෂානිවලට
ක්‍රි.ව. 1001 දී පෙෂවාර්වලට
ක්‍රි.ව. 1004 දී හතියාවලට
ක්‍රි.ව. 1006 දී මුල්තාන්වලට
ක්‍රි.ව. 1008 දී නගර් කොට්වලට
ක්‍රි.ව. 1018 දී මථුරා හා කනෞජ්වලට
ක්‍රි.ව. 1025 දී සෝම්නාථයට