මහම්මත්තුමා සිය ආගමික ශාස්තෘ තනතුරට අනුප්‍රාප්තිකයකු හෝ උරුමක්කරුවෙකු හෝ නම් කර නොතිබුණේ ය. නමුත් ක්‍රි.ව. 632 දී එතුමාගේ ඇවෑමෙන් පසු අරාබි ප්‍රධානීහු ඉස්ලාම් ධර්මයේත්, ඉස්ලාම් රාජ්‍යයේත් ආරක්ෂාව පිණිස අබුබකර් පත්කර ගත්හ.
මෙසේ මහම්මත්තුමාගෙන් පසුව ඉස්ලාම් ආගමේත්, ඉස්ලාම් රාජ්‍යයේත් නායකයා හා මූලිකයා වූයේ කාලිෆ්වරයා ලෙස පත් වූ තැනැත්තා යි.
අබුබකර් ක්‍රි.ව. 632-634 කාලයේ පළමු කාලිෆා තනතුර දරමින් සිරියාව තුළ ද ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. ඊට පසු ක්‍රි.ව. 634-644 දක්වා මෙම තනතුර ඕමාර් (උමාර්) විසින් දරා ඇත.
ඔහුගේ හමුදාපතිගේ සහායෙන් සිරියාව, ඩැමැස්කස්, ඊජිප්තුව, මෙසපොතේමියාව, පර්සියාව වැනි රටවල් ගණනාවක් ජයගෙන ඉස්ලාම් අධිරාජ්‍ය ගොඩනැඟීය.
කාලිෆ්වරුන්ගේ නායකත්වයෙන් ක්‍රි.ව. 8වන ශත වර්ෂය අවසානයේ ස්පඤ්ඤය සහ දකුණු ප්‍රංශය, තුර්කිය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, සුළු ආසියාව ඇතුළු රාජ්‍යයන් ගණනාවක මුස්ලිම් බලය ව්‍යාප්ත කර ඇත. අනතුරුව ඉන්දියාව, මාලදිවයින, මලයාසියාව, ඉන්දිනීසියාව හා චීනයේ ඇතැම් ප්‍රදේශ වලට ද ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත විය.