ක්‍රි.ව. 1678 ජූනි 18 වෙනි දින උඩරට ප්‍රදේශයේ වැලිවිට ග්‍රාමයේ උපන් කුලවත් කුමරුවෙකි. හේ, නමින් කුලතුංග බණ්‌ඩාර නමි වේ. වයස අවුරුදු 16 දී වැලිවිට සරණංකර නමින් පැවිදි වූ මුන් වහන්සේ ට අවශ්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්&යක් විය. ගමින් ගම පිණ්‌ඩපාතික ව ජීවත් වූ මෙම හිමිපාණෝ අසරණ සරණ සරණංකර නමින් ප්‍රසිද්ධ වූහ.
සිංහල- පාලි-සංස්‌කෘත භාෂාවන් උගත් සරණංකර හිමි බුද්ධ ධර්මය කාව්‍ය ශාස්‌ත්‍රය ප්‍රගුණ කලහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහය ලබාගත් මුන් වහන්සේ පිරිසක් සියම් දේශයට යවා උපසම්පදා භික්‌ෂූන් මෙහි වැඩම කරවා ක්‍රි.ව. 1753 දී මහනුවර පෝය මලු විහාරයේ දී උපසම්පදා විනය කර්මය ඇති කළහ. සියම් නිකායික භික්‌ෂු පරපුරේ මූලිකයා මුන් වහන්සේ ය. අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මුන් වහන්සේ සංඝරාජ පදවියෙන් පුදනු ලැබීය.
සිදත් සඟරාව, රූප මාලා සන්නය, මුණි ගුණ අලංකාරය, එළු බෝධි වංශය, ආදි ග්‍රන්ථ කිහිපයක් ම සංස්‌කරණය කළ වැලිවිට සරණංකර සවාමින් වහන්සේ ක්‍රි.ව. 1778 දී අපවත් ව වඳාළහ.