ගහනය
 මෙය පරිසර සංවිධානයේ දෙවන මට්ටමයි.

٠ නිශ්චිත කාලසීමාවක දී යම් ප්‍රදේශයක් තුළ එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා දක්වමින් ජීවත් වන එක ම විශේෂයකට අයත් ජීවීන් සමූහය ගහනයක් ලෙස හැඳින්වේ.

ගහනයක වර්ධනය
٠ උපත් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, ආගමනය හා විගමනය මත ස්වභාවික ගහනය නිරතුරුව වෙනස් වේ.
٠ උපත් හා ආගමන නිසා ගහනයක විශාලත්වය වැඩි වන අතර මරණ හා විගමන නිසා විශාලත්වය අඩු වේ. මෙය යම් රටාවකට අනුව සිදුවන්නකි. මෙය අවධි හතරකින් පෙන්නුම් කළ හැකි ය.

පළමු අවධිය : සෙමින් වර්ධනය වන අවධිය.
٠ ජීවීන් හොඳින් පරිසරයට අනුවර්තනය වී නොමැති වීම හා ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාව සීමිත වීම නිසා වර්ධනය සෙමින් සිදුවේ.

දෙවන අවධිය : සීඝ්‍රයෙන් වර්ධනය වන අවධිය.
٠ ජීවීන් පරිසරයට හොඳින් අනුවර්තනය වීම.
٠ ප්‍රජනනයේ යෙදෙන ජීවීන් සංඛ්‍යාව වැඩි වීම.
٠ ආහාර සුලභ වීම.
٠ පරිසර තත්ත්ව හිතකර වීම. වැනි වාසිදායක තත්ත්වයන් මත ගහනයේ ජීවීන් සීඝ්‍රයෙන් වැඩි වේ.

තෙවන අවධිය : වර්ධන වේගය අඩුවන අවධිය.
٠ ආහාර හිඟවීම.
٠ සීමිත සම්පත් සඳහා ජීවීන් අතර තරඟය.
٠ විලෝපිත බලපෑම.
٠ පරපෝෂිතයන් ගේ බලපෑම. ලෙඩ රෝග ආදී සාධක නිසා ගහනයේ වර්ධනය අඩුවේ.

සිව්වන අවධිය : වර්ධනය ස්ථායි වන අවධිය.
පරිසරයට දරා ගත හැකි ප්‍රමාණයේ ගහනයක් ඇති වන තුරු ගහනයේ ජීවීන් සංඛ්‍යාව වෙනස්වේ. අවසානයේ දී ගතික සමතුලිත අවස්ථාවය පත්වේ. එම පරිසරයේ හමුවන එම ගහනයේ ජීවීන් සංඛ්‍යාව ඉසිලීමේ ධාරිතාව ලෙස හැඳින්වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017