ජෛව ගෝලයේ සංවිධාන මට්ටම්
  පරිසරය හා මිනිසා අතර සම්බන්ධය බිඳ වැටීම හේතුකොට ගෙන පරිසර සංරක්ෂණය සංකල්පය බිහි වී තිබේ. මෙහි දී ස්වභාවික පරිසරයේ පවතින අන්තර් සබඳතා අධ්‍යයනය වැදගත් ය.
පරිසරය තුළ ජීවීන් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සංවිධානය වී ඇත.

ඒකෛකයා → ගහනය → ප්‍රජාව → පරසර පද්ධතිය → ජෛව ගෝලය

ඒකෛකයා
පරිසරයේ ජීවත්වන තනි ජීවියා ඒකෛකයා ලෙස හැඳින්වේ.

* මෙහි සංවිධාන මට්ටම් අතර සරලම සංවිධාන මට්ටම ඒකෛකයා වේ. අඹ යන පොදු නමින් හඳුන්වන්නේ ජීවි විශේෂයකි. අඹ ගසක් ඒකෛකයෙකි. * ජීවී විශේෂය පිළිබඳ විද්‍යාත්මක අර්ථකථනයේ දී එකිනෙකට සමාන ලක්ෂණ ඇති අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහිකරන ජීවි කණ්ඩායමක් විශේෂයක් ලෙස හැඳින්වේ.
* එකිනෙකා අතර අභිජනනය සිදුවන අඹ ශාක, අඹ විශේෂයට අයත් වේ. එකිනෙකා අතර අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කරන මුවන් සමූහය එකම මුව විශේෂයකි.

“අඹ සහ රඹුටන් එක ම විශේෂයට අයත් නොවේ. ඒවා අතර පරාගණයෙන් ඵල හට නොගනී. අශ්වයා හා බූරුවා අතර අන්තර් අභිජනනය කළ හැකි ය. එහෙත් එහි දී බිහි වන කොටළුවා වද සතෙකි.”
(c) Shilpa Sayura Foundation 2006-2017