ස්ත්‍රීන්ගේ ආර්තව චක්‍රය
 නිකුත්වන ඩිම්බය සංසේචනය නොවුනොත් එය ස්වයං ජීර්ණය වේ. මේ සමඟ මෙයින් නිපදවුණු ප්‍රොජෙස්ටරෝන් හා ඊස්ට්‍රජන් මට්ටම ද පහත බසී. ඒ සමඟ ගර්භාෂයේ ඇතුළු බිත්තිය ද බිඳ වැටෙයි. මේ අවස්ථාවේ ගර්භාෂ බිත්තියේ වර්ධනයව තිබූ රුධිරවාහිනී කැඩී ගර්භාෂ බිත්තියේ බිඳුණු පටක ද සමඟ යෝනි මාර්ගයෙන් පිටවෙයි. දළ වශයෙන් දින 28කට වරක් බැගින් සිදුවන මෙම සංසිද්ධිය ආර්තවය හෙවත් ඔසප් වීම යනුවෙන් හඳුන්වයි.

ප්‍රජනනයේ දී හෝර්මෝන වල බලපෑම
ශුක්‍රානු ජනනය, ඩිම්බ මෝචනය ආදී මේ සියලුම කාර්යයන් ට හෝමෝන සෘජුවම බලපෑම් කරයි.

පූර්ව පිටියුටරිය උත්තේජනය වීමෙන් හෝමෝන ස්‍රාවය වෙයි. මෙමඟින් පුරුෂයකුගේ වෘෂණවල ඇති අන්තරාල සෛල උත්තේජනය කරයි. එවිට පුරුෂ ප්‍රජනක හෝමෝන වන ටෙස්ටොස්ටෙරොන් ස්‍රාවය වීමට සලස්වයි. ටෙස්ටොස්ටෙරොන් හෝමෝනය ද්වීතියික ලිංගික ලක්ෂණ වල වර්ධනයට හේතු වේ.

ස්ත්‍රීයකගෙ නම් මෙම හෝමෝන මඟින් ඩිම්බ උත්තේජනය වී ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිදහස් කරයි. ඩිම්බ මෝචනයෙන් පසු සංසේචනයක් වූයේ නම් තව දුරටත් ඩිම්බ නිපදවීම වැළැක්වීම ප්‍රොජෙස්ටරෝන් මඟින් සිදු වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017