ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය
 ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පහත අවයවයන්ගෙන් සමන්විතය.
٠ ඩිම්බ කෝෂ යුගලය
٠ පැලෝපීය නාල යුගලය
٠ ගර්භාෂය
٠ යෝනි මාර්ගය
٠ බාහිර ලිංගේන්ද්‍රිය

٠ ඩිම්බ කෝෂයේ ස්‍යුනිකා නම් විශේෂ ව්‍යූහයන් තුළ ඩිම්බ නිපදවේ.
٠ ඩිම්බ යනු ඩිම්බ පටලවලින් ආවරණය වු ගෝලාකාර අචල සෛල ය.
٠ ගර්ශාෂය ඝන වු බිත්ති වලින් යුතු කුහරමය ඉන්ද්‍රියකි. එහි කෙළවරේ ගර්භාෂ ගෙළ පිහිටා ඇත.
٠ එමඟින් ගර්භාෂය යෝනි මාර්ගයෙන් කෙරෙන අතර යෝනි මාර්ග විවරයත්, මූත්‍ර මාර්ග විවරයත් වෙන වෙන ම බාහිරට විවෘත වේ.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරිත්වය
٠ උපතට පෙර සිට ම ස්ත්‍රීන්ගේ ඩිම්බ නිෂ්පාදනය ආරම්භය වෙයි.
٠ උපදින අවස්ථාවේ එක් ඩිම්බ කෝෂයට ස්‍යුනිකා 200,000-400,000 සංඛ්‍යාවක් පැවතිය ද පර්ණත තත්ත්වයට පත්වන්නේ ස්‍යුනිකා තුන් හාරසීයක් මඟින් පමණී.
٠ ස්‍යුනිකා පිපිරීමෙන් ඩිම්බ දේහ තුළට මුදා හැරෙන මේ ක්‍රියාවලිය ඩිම්බ මෝචනය නම් වේ.

"සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ වයස අවු. 45-50 කාලයක් තුළ ඩිම්බ මෝචනය සිදුවන අතර ඉන් පසු මෝචනය නතර වේ (මෙය ආර්තවාභාවය නම් වේ.). නමුත් පුරුෂයකු මියයන තෙක්ම ශුක්‍රාණු නතර නොවේ."

٠ සාමාන්‍යයෙන් දින 28කට වරක් ඩිම්බ මෝචනය සිදුවෙයි.
٠ නියමයක් ලෙස දකුණු හා වම් ඩිම්බ කෝෂ වලින් මාරුවෙන් මාරුවට ඩිම්බ නිපද වේ.

සංසේචනය
යෝනි තුළට මුදාහරින ශුක්‍රාණු එම නාලයේ ඉහළ කොටසට ගමන් කරයි. පැලෝපීය නාලයට මුදා හැරුණු ඩිම්බයක් සමඟ ඒ වෙත එන එක් ශුක්‍රානුවක් සම්බන්ධ වේ. මෙය සංසේචනය නම් වේ.

සංසේචනය වූ ඩිම්බය යුක්තාණු නම් වේ.
එය පැලෝපීය නාලය දිගේ පහළට යත් ම විභාජනය වීම ආරම්භ වේ. මෙය මොරුලා අවධිය යි.
මොරුලාව ගර්භාෂයට ඇතුල්වන අවස්ථාවේ සෛල විභාජනය නිසා එය සෛල සිය ගණනකින් සෑදුණු ගෝලයක් බවට පත්වේ.
අනතුරුව මොරුලාව ගර්භාෂයට පිවිස ගර්භාෂ පටකය තුළ ගිලී තැන්පත් වේ. මෙම ක්‍රියාවලිය අධිරෝපණය නම් වේ.

"සංසේචන ඩිම්බ සෛල පැලෝපීය නාලය දිගේ ගර්භාෂයට පිවිසීමට දින 5-6 කාලයක් ගත වේ. මොරුලාව යනු දින 5-6 වයසැති සංසේචිත ඩිම්බය යි."

අධිරෝපණයෙන් පසු සෛල තවදුරටත් වර්ධනය වී කලලය වටා ආරක්ෂක පටල කීපයක් විකසනය වේ. මේ වන විට සති 6 පමණ කාලයක් ගත වී තිබේ. එවිට මෙය භ්‍රෑණය යනුවෙන් හැඳින්වේ.

භ්‍රෑණයේ විකසනය
ගර්භාශය තුළ භ්‍රෑණයේ විකාශය සමිපූර්ණ වීමට දින 280 (සති 40) පමණ ගතවේ. මේ කාලය ගැබ් කාලය නම් වේ. භ්‍රෑනයට මාස තුනක් පමණ වන විට මිනිස් ස්වරූපයක් ගනී. මාස පහේ දී පමණ හෘද ස්පන්දනය පිටතට ඇසේ. සය මසක දී ඇසිපිය විවෘත විවෘත වන අතර දරුවා බිහිවීමට ආසන්න වන විට ඇඟිලිවල නියපොතු සම්පූර්ණයෙන් ම වැඩී ඇත.

ප්‍රසූත්‍රියත් සමඟ පොලැක්ටික් සහ ඔක්සිටොසීන් යන හෝමෝන මඟින් කිරි නිපදවීම හා ස්‍රාවය වීම උත්තේජනය කරයි. එසේම ප්‍රසූතියෙන් පසු ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය පහත වැටී පෙර පරිදි ආර්තව චක්‍රය නැවත ඇරඹේ.
(c) Shilpa Sayura Foundation 2006-2017