මිනිසා ඒකලිංගික ය. ලිංගිකතාව අනුව ස්ත්‍රී පුරුෂ භේදයක් දක්නට ඇත. බාහිර පෙනුමෙන් මේ වෙනස පැහැදිලිව හඳුනාගත හැකිය. මෙය ලිංගික ද්විරූපතාව යනුවෙන් හැඳින්වේ.
ළදරු වියේ දී ලිංග ඉන්ද්‍රියන් හැරෙන්නට වෙනත් කැපී පෙනෙන වෙනසක් බාහිරව නොපෙනේ. නමුත් නව යොවුන් විය එළඹෙත්ම බාහිර වශයෙන් ප්‍රජනන පද්ධති අතර වෙනස්කම් කීපයක්ම සිදුවේ. ලිංගික පරිණතිය එළඹෙත්ම සිරුරේ ඇතිවන මෙම වෙනස්කම් ද්වීතියික ලිංගික ලක්ෂණ නමින් හඳුන්වයි.
ස්ත්‍රී හා පුරුෂ ප්‍රජනක පද්ධති වල ව්‍යූහය
පුරුෂ ප්‍රජනක පද්ධතියක කොටස් කීපයකි.
* වෘෂණ යුගලය
* අපි වෘෂණ යුගලය
* ශුක්‍ර නාල යුගලය
* අතිරේක ග්‍රන්ථි
* ශුක්‍රාණුක රැහැන් යුගලය
* ශුක්‍ර ආශයිකා යුගලය
* විසර්ජක නාල යුගලය
* පුරස්ථ ග්‍රන්ථිය
* කූපර් ග්‍රන්ථිය
* ශිෂ්ණය
* පුරුෂයාගේ අණ්ඩාකාර වෘෂණ කෝෂ තුළ ශුක්‍රාණු නිපදවේ. මෙම ක්‍රියාවලිය ශුක්‍ර ජනනය නම් වේ.
* වෘෂණය සෑදී ඇති සංචලිත නාලිකා ශුක්රධර නාලිකා වේ.
* එක් එක් වෘෂණය ශුක්රධර නාලිකා 1000කින් පමණ සමන්විතය. * මූත්‍ර මාර්ගය ප්‍රජනන පද්ධතියටත් බහිස්රාවී පද්ධතියටත් පොදු ය. මෙය මෞත්‍ර ලිංගික ප්‍රණාලය ලෙස හැඳින්වේ.
පුරුෂ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වය
මිනිසාගේ "පුං ජන්මානුව" ලෙස ශුක්‍රාණුව සැලකේ. ශුක්‍රාණු නිපදවීම මිනිසා වැඩිවියට පත්වීමත් සමඟම ඇරඹේ.
ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය උෂ්ණත්වයට සංවේදි වේ. එය ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක දී සිදුවේ.
පරිණත ශුක්‍රාණු සචලය කොටස් තුනකින් සමන්විත ය.
1. හිස
2. මධ්‍ය කොටස
3. වලිගය
"ශුක්‍ර තරලයේ එක් මිලිලීටරයක ශුක්‍රාණු මිලියන 120ක් පමණ අඩංගු වේ. ශුක්‍රාණු ප්‍රමාණය මිලියන 40ට අඩු වුවහොත් ඔහු ප්‍රජනක සරු බවින් හීනවීමට ඉඩ ඇත."
* වෘෂණ තුළ නිපදවන ශුක්‍රාණු අපිවෘෂණ තුළ තාවකාලිව තැන්පත් කරයි. * ශුක්‍රාණු පරිවහනයට ද්‍රව මාධ්‍යක් අවශ්‍ය වේ. මෙය සැපයෙන්නේ මූත්‍ර මාර්ගයට සම්බන්ධ ශුක්‍ර ආශයිකාව, පුරස්ථ ග්‍රන්ථි සහ කූපර් ග්‍රන්ථි මඟින් මුදාහරින ස්රාවවලිනි.