පුෂ්පයක පරාගධානි තුළ නිපදවා පරිණත වු පරාග, එම පුෂ්පයේ ම හෝ වෙනත් පුෂ්පයක හෝ පරිණත කලංකය මත තැන්පත් වීම පරාගණය නම් වේ. පරාගණය සිදුවන ආකාරය අනුව ප්රධාන ආකාර දෙකකි.
1. පුෂ්පයක පරාග එම පුෂ්පයේ ම කලංකය කරා ගෙන යාම ස්ව-පරාගණය නම් වේ.
2. පුෂ්පයක පරාග එම විශේෂයේ ම වෙනත් පුෂ්පයක කලංකය කරා ගෙන යෑම පරාගනය නම් වේ.
පර-පරාගණයේ දී එක් පුෂ්පයක ඩිම්බයක් වෙනත් පුෂ්පයක පරාගවලින් සංසේචනය වන නිසා අලුත් ගුණ ඇති ශාක ඇතිවිය හැකිය. එමෙන් ම එම ශාක වලට විවිධ ලක්ෂණ ඇති විය හැකිය. එබැවින් බොහෝ ශාක ස්ව පරාගණය වළක්වා පර-පරාගණයට වැඩි අවකාශයක් ලබා දීමට හැඩ ගැසී ඇත.
මේ සඳහා ශාක දරන අනුවර්තන
٠ අසමපරිණතිය : පුෂ්පයේ පූමාංගය හා ඡායාංගය එකවර පරිණත නොවීම - ට්රයිඩැක්ස්
٠ යෝගබාධකතාව : පුෂ්පයේ රේණු හා කලංකය එකිනෙකට දුරස්ව පිහිටීම - මිනීමල්, ඕකිඩ්
٠ විෂමකීලතාව - පුෂ්පයේ රේණු හා කලංක එක ම මට්ටමේ නො පිහිටීම - ඉද්ද
٠ ස්වවන්ධ්යතාව - පුෂ්පයක පරාග එම ශාකයේ ම පුෂ්පයක කලංකය මත පතිත වූ විට ප්රරෝහණය නොවීම. - වැල් දොඩම්
٠ බාහිරාවර්තී රේණු - රේණු පිටතට නැමී පිහිටීම - පින්න නියගලා