බල්බිල සහ භූගත කඳන්
 බල්බිල

අන්නාසි ගෙඩියේ ඉහළ කොටස හෝ කඳේ හට ගන්නා එවැනිම කොටසක් මඟින් අලුත් ශාකයක් ලබාගත හැකිය.
බල්බිල පවතින එවැනිම ශාකයකි හණ. හණ ශාකයේ පුෂ්ප මංජරිය, අවසානයේ දී බල්බිලය බවට පත්වේ.
වර්ධක අංකුරයක් හෝ පුෂ්ප අංකුරයක් විකරණය වීමෙන් තැනෙන විශේෂ ප්‍රජනක ව්‍යූහයන් බල්බිල ලෙස හැඳින්වේ.

භූගත කඳන්
ඉඟුරු, කහ වැනි ශාකවලින් අලුත් පැල ලබාගැනීමට ඒවායෙහි පසට යටින් තිබෙන කොටස් භාවිත කරයි. පසට යටින් ඇති මෙවැනි කඳන් භූගත කඳන් නම් වෙයි.

ශාක කඳක තිබිය යුතු මූලික කොටස් කිහිපයකි.
٠ අග්‍රස්ථ අංකුරය (apical bud): කඳෙහි ඉහළම ඇති අංකුරය.
٠ පාර්ශ්වික අංකුරය (lateral buds) : අග්‍රස්ථ අංකුරයට පහළින් හටගන්නා අංකුරය.
٠ ගැටය (node) : පත්‍රයක් කඳට සවි වී ස්ථානයේ මහතින් වැඩි කඳ.
٠ පර්වය internode) : ගැට දෙකක් අතර පිහිටි ප්‍රදේශය.

රයිසෝමය - rhizome
ඉඟුරු, කහ, බුත්සරණ වැනි පොළොවට සමාන්තරව පසෙහි වර්ධනය වන කඳන් රයිසෝම ලෙස හඳුන්වයි.

٠ මේවා ආහාර සංවිත කරන බැවින් මහත් වූ කඳන් සහිතය.
٠ ගැට, පර්ව, ශල්ක පත්‍ර පැහැදිලිව දැකගත හැකිය.
٠ ශල්ක පත්‍ර කක්ෂවල ඇති කක්ෂීය අංකුර මඟින් නව ශාක හට ගනී.

කෝමය - corm
හබරල, කිඩාරං වැනි උස අඩු ශාකවල කඳ, පස තුළ පොළොවට ලම්බකව පිහිටයි. මේවා කෝමය ලෙස හැඳින්වේ.
٠ සෑම විටම පැරණි කඳට සාපේක්ෂකව ඉහළින් අළුත් කඳ හටගනී.
٠ කෝමයේ පාදයෙන් හෝ පැතිවලින් හෝ මුල් හටගනී.

ස්කන්ද ආකන්ද (stem tuber)
ආහාර ගබඩා කරමින් පස තුළට ගිලුණු කඳේ ශාඛා ස්කන්ද ආකන්ද වේ. කඳේ පහළ පෙදෙසේ අතුවල කෙළවර කොටසේ ආහාර රැස්කරමින් පස තුළට ගිලී යෑමෙන් ස්කන්ධ ආකන්ද සෑදේ. නිදසුන් : අර්තාපල්, ඉන්නල
(c) Shilpa Sayura Foundation 2006-2017