ශාකවල ප්‍රජනනය
 ප්‍රධාන කොට ක්‍රම දෙකකින් සිදුවේ.

1. අලිංගික ප්‍රජනනය
2. ලිංගික ප්‍රජනනය

පුෂ්පය, ලිංගික ප්‍රජනනයේ විශේෂණ ප්‍රරෝහයකි. අලිංගික ප්‍රජනනය ක්‍රම කීපයකින් සිදුවන නමුත් මෙහි දී ශාකවල වර්ධක ප්‍රජනනය පමණක් සලකා බැලේ.

ශාක වර්ධක ප්‍රජනනය (vegetative reproduction)
ශාකයක වර්ධක කොටසක් මඟින් නව ශාකයක් බිහිවීමේ ක්‍රියාවලිය වර්ධක ප්‍රජනනය ලෙස හඳුන්වයි. මෙලෙස පත්‍ර, කඳන්, මුල් ආදී වර්ධක කොටස් වලින් අළුත් ශාකයක් ලබා ගැනීම වරිධක ප්‍රචාරණය ලෙස සැලකේ. මෙය අලිංගික ප්‍රජනන ක්‍රමයකි. වර්ධක ප්‍රජනන ක්‍රම දෙකකි.
1. ස්වභාවික වර්ධක ප්‍රජනනය
2. කෘත්‍රීම වර්ධක ප්‍රජනනය

ස්වභාවික වර්ධක ප්‍රජනනය
කඳ, අතු: රෝස, අරලිය, වද වැනි ශාක ලබාගැනීමට කඳ, අතු භාවිත කරයි. පත්‍ර : බිගෝනියා, අක්කපාන වර්ග වල පැල ලබාගැනීමට කොටස් භාවිත කරයි.

මුල් : කරපිංචා, දෙල්, බෙලි ආදී මුල් මඟින් බෝකර ගත හැකිය.

ධාවක : පොළොවට සම්බන්ධ වෙමින් පස මතුපිට ගමනේ යෙදෙන ශාක කඳන් ධාවක කඳන් ලෙස හැඳින්වේ.
නිදසුන් : ගොටුකොළ, මහා රාවණා රැවුල

"අලිංගික ප්‍රජනන ක්‍රමය වඩාත් ප්‍රමුඛ වන්නේ ශාකවලය. සත්ත්ව ලෝකය තුළ ද අපෘෂ්ඨ වංශීන් අතර මෙම ප්‍රජනන ක්‍රමය ඇත. සතුන්ගේ පවතින අලිංගික ප්‍රජනන ක්‍රම කිහිපයකි. ඒවා ද්වීකණ්ඩනය, බහුකණ්ඩනය අංකුර සෑදීම හා කඩකඩ වීම් ලෙස විවිධ ය."
(c) Shilpa Sayura Foundation 2006-2017