ක්‍රි.ව. 1827 පෙබරවරි 20 වෙනි දින හික්‌කඩුව ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබ බොද්ධ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුයෙන් තම ජීවිතය කැප කල මුන් වහන්සේ බුදු දහමේ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මුල් වරට "ලංකා ලෝකය" නම් පුවත් පතක් ද ආරම්භ කෙළේය.
1873 දෙසැම්බරයේ දී මෙ රට අධ්‍යාපාන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ සන්ධිස්‌ථානයක් වූ වි@ද්‍යාදය පිරිවෙණ පිහිටුවමින් ඕල්කොට් තුමා හා එක් ව දිවයින පුරා දහම් පාසල් ව්‍යාපාරය ද ආරම්භ කෙළේය.
ලංකාවේ වියත් භික්‌ෂූන් රාශියක ගේ ගුරු හිමි වූ සුමංගල හිමිපාණෝ සිදත් සඟරා විවරණය හා මහා වංශය සිංහලයට පරිවර්තනය කරමින් ලේඛණ කාර්&යෙහි ද නිරත විය.
පරම විඤාර්ථ සමාගම බිහිකිරීමට ද පුරෝගාමි මෙහෙයක් ඉටුකළ මුන් වහන්සේ 1885 දින සිට වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට දැඩි වෙහෙසක් ගති.