උත්තේජයේ දිශාව වෙනස් වෙමින් ඇති වන චලන ආවර්තී චලන වේ.
උත්තේජය අනුව චලන නම් කෙරේ.
උත්තේජය දෙසට සිදුවන චලනය ධන චලනයකි.
ඉන් විරුද්ධ දෙසට නම් සෘණ චලනයකි.
ආලෝක උත්තේජය නිසා ඇති වන ආවර්ති චලනය, ප්‍රභාවර්තනය නම් වේ. ශාක කඳන් ආලෝකය දෙසට නැමී වැඩෙන නිසා කඳන් ධන ප්‍රභාවර්තී වේ. මුල් ආලෝකයෙන් ඉවතට වැඩෙන නිසා ඒවා සෘණ ප්‍රභාවර්තී වේ. ගුරුත්ව බලය නිසා ඇති වන ආවර්තී චලනය ගුරුත්වාවර්තනය වේ. ශාකවල මුල් වැඩෙන්නේ ගුරුත්ව බලය දෙසට නිසා මුල් ධන ගුරුත්වාවර්තී වෙයි.
ශාක වර්ධක ද්‍රව්‍ය
ආලෝකය දෙසට ශාකවල කඳන් නැමීම ගැන මුලින් ම පරීක්ෂණ කර ඇත්තේ චාල්ස් ඩාවින් ය.
බීජග්‍රප අගිස්ස ආලෝකයට සංවේදී ය. ලැබෙන ආලෝක ප්‍රමාණය අනුව එහි හෝමෝන නිපදවේ. එම හෝමෝන අගිස්සට මඳක් පහළ වර්ධක ප්‍රදේශය කරා විසරණය වේ. මෙම හෝමෝන ආලෝකය වැඩියෙන් ලැබෙන පැත්තේ අඩුවෙන් ද ආලෝකය අඩුවෙන් ලැබෙන පැත්තේ වැඩියෙන් ද රැස්වේ. හෝමෝන වැඩියෙන් රැස් වූ පැත්තේ සෛල වැඩිපුර දික් වේ. එහි ප්‍රතිඵලය වැඩි ආලෝකය දෙසට ශාක කඳ නැමී වැඩීමයි. ආවර්තී චලන සිදුවන්නේ ශාක හෝමෝනවල බලපෑමෙන් බව මෙයින් පැහැදිලි ය.